පුටින්ගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට එල්ල වන චෝදනා යුක්රේනය ප්‍රතික්ෂේප කරයි.

සටහන: සශිකලා මධුෂාණි

දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ නිවසකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට රුසියාව කරන චෝදනාව යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ප්‍රතික්ෂේප කර තිබේ.

පසුගිය ඉරිදා(28) දිනයේදී කියෙව් නගරයේ වයඹදිග නොව්ගොරොඩ් කලාපයේ පිහිටි පුටින්ගේ රාජ්‍ය නිවසට දිගු දුර මිනිසුන් රහිත ගුවන් යානා (UAV) 91 ක් භාවිතා කරමින් ප්‍රහාර එල්ල කල බවත් එම ප්‍රහාර රුසියානු ගුවන් ආරක්ෂක පද්ධති විසින් අල්ලා විනාශ කළ බවත්, රුසියාවේ විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් තහවුරු කර ඇත.

කෙසේ වෙතත්, මෙම ප්‍රහාර දියත්වන අවස්ථාවේදී රුසියානු ජනාධිපතිවරයා සිටියේ කොහෙද යන්න වාර්තා නොවන අතර මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත්කරමින් යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, රුසියාව කරන මෙම චෝදනා සත්‍ය නොවන බවත්, යුක්රේන සාම සාකච්ජා අඩාල කිරීමට රුසියාව ගන්නා උත්සහයක් වශයෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...