කොන්සියුලර් සේවා ගාස්තු සංශෝධනයට!

0
383

2022.11.16 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍ර අංක 2306/35ට අනුව‚ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොළඔ පිහිටි ප්‍රධාන කොන්සියුලර් කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාල හා විදේශයන්හී පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් 2023 ජනවාරී මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ලේඛන/සහතික සත්‍යාපන කිරිමට අදාල ගාස්තු සංශෝධනය කර ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොළඔ පිහිටි ප්‍රධාන කොන්සියුලර් කාර්යාලය සහ එහි ප්‍රාදේශීය කාර්යාල මගින් ලේඛන/සහතික සත්‍යාපනය කිරිමට අදාල නවතම ගාස්තු සංශෝදනයන් පහත පරිදි වේ.

කොන්සියුලර් කාර්යයගාස්තු (රු.)
1.විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද විභාග සහතික    800.00
2.විදේශීය පුරවැසියෙකු සදහා ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලදඕනෑම ලේඛනයක් 3000.00
3.යම් අපනයන ලේඛනයක්   8000.00
4.වෙනත් යම් ලේඛනයක්  1200.00

විදේශගත ශ්‍රී ලාංකිකයින් සදහා අදාළ වන සංශෝධිත ගාස්තු සදහා කරුණාකර 2022.11.16 දිනැති අංක 2306/35 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය බලන්න.