*
Monday, May 20, 2024
spot_img

Latest Posts

රජයේ පාසල් සියල්ල සුහුරු අධ්‍යාපන කේන්ද්‍රස්ථාන බවට පත් කිරීමේ අභියෝගය භාර ගන්නවා – සජිත් (VIDEO)

ශ්‍රී ලංකාවේ පළාත් නවය තුළ පිහිටා තිබෙන රජයේ පාසල් 10,126 සුහුරු අධ්‍යාපන කේන්ද්‍රස්ථාන බවට පත් කිරීමේ අභියෝගය තමන් භාර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දූපත් මානසිකත්වයෙන් මිදී ලෝකයේ සෑම රටක් සමඟම කටයුතු කිරීමට හැකි ශක්තිමත් සුහුරු දේශයක් බවට ලංකාව ප්‍රතිනිර්මාණය කළහොත් බංකොලොත් භාවයෙන් රටට ගොඩ ගැනීමට හැකියාව තිබෙන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

පුරවැසි පරපුර ප්‍රගතිය කරා ගෙන යනවා වෙනුවට ප්‍රතිගාමීත්වය නිර්මාණය කරන දුර්වල අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ක්‍රියාත්මක බවත් පරිඝණක විද්‍යාවට , තොරතුරු තාක්ෂණයට මුල් තැන ලබාදිය යුතු බවත් ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපොලේ ඉල්ලුමක් තිබෙන කුසලතා රටේ පාසල් විශය නිර්දේශවලට ඇතුළත් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

ආර්ථික අර්බුදය හේතුවෙන් වයස අවුරුදු 3 සිට විශ්ව විද්‍යාල වයස දක්වා අධ්‍යාපනයේ යෙදී සිටින සියයට 55 කට බලපෑම් එල්ල වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

රටේ පාසල් වල ඉංග්‍රිසි භාෂා සාක්ෂරතාවට ගොඩනගන්න ඉංග්‍රීසි භාෂා විද්‍යාගාර ආරම්භ කරන බවත් එම වැඩපිළිවෙල හරහා ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය ඉහළ මට්ටමකට ගෙන ඒමට කටයුතු කරන බවත් සුහුරු පරිඝණක විද්‍යාගාර ඇතිකර ඒ තුළින් තොරතුරු තාක්ෂණය ශක්තිමත් කර සෑම සිසුවෙක්ම සුහුරු ශිෂ්‍යයෙක් බවට පරිවර්තනය කිරීමේ වගකිම භාර ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

යහපාලන රජයේ ඇතැම් නායකයන් හොරුන් ඇල්ලුවේ නෑ හොරුන් බේරා ගත්තා

2015 යහපාලන රජය රටෙන් සොරකම් කළ සම්පත් සොයා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ නමුත් සොරුන් අල්ලන බව පැවසූ නායකයන් හොරුන් බේරාගන්න ඩීල් ගැසූ නිසා එම වැඩපිළිවෙල අතරමග නතර වුණ බවත් එසේ නොකළානම් සොරකම් කළ සම්පත් රටට ලබාගෙන මානව ප්‍රාග්ධනය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තිබූ බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය.

රටෙන් සොරකම් කළ සියලු දේපළ සම්පත් නැවත ලබාගෙන එම සම්පත් රටේ ජාතික ආදායම වෙනුවෙන් යොදවා මානව සම්පත වෙනුවෙන් ආයෝජනය කර සුහුරු රටක් , සුහුරු අධ්‍යාපනයක් , සුහුරු ශිෂ්‍ය පරපුරක්
බිහිකිරීමේ වැඩපිළිවෙල සමගි ජනබලවේග රජයක් යටතේ ක්‍රියාත්මක කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

සමගි ජන බලවේගය ආණ්ඩු බලයක් නොමැතිව පවා මේ වනවිටත් රජයේ පාසල් 57 කට ලක්ෂ 541 ක් වියදමින් සුහුරු පන්ති කාමර ලබාදී ඇති බවත් රජයේ පාසල් 80 ට සක්වල බස් රථ වැඩසටහන යටතේ ලක්ෂ 3892 ක් වටිනා බස් රථ පරිත්‍යාග කර ඇති බවත් රජයේ රෝහල් 56 කට ලක්ෂ 1719 ක් වටින් රෝහල් උපකරණ හුස්ම වැඩසටහන යටතේ ලබාදී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා සිහිපත් කළේය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ සක්වල වැඩසටහනේ 57 වැනි අදියර යටතේ හබරණ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දිමේ අවස්ථාවට ඊයේ (29) එක්වෙමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan