*
Monday, April 28, 2025
spot_img

Latest Posts

වේගවත්ම ක්‍රීඩකයා සහය දීවීමට යොදවා කණිටු සංචිතය නම් කරයි

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): එළැඹෙන 204 වසරෙඒදි පැවත්වීමට නියමිත ආසියානු අවුරුදු 20 න් පහළ මලල ක්‍රීඩා සූරතාවලිය,අවුරුදු 20 න් පහළ ලෝක මලල ක්‍රීඩා සූරතාවලිය සහ යෝජිත අවුරුදු 20 න් පහළ දකුණු ආසියානු මලල ක්‍රිඩා සූරතාවලිය ඉලක්ක කරගෙක මලල ක්‍රීඩා සංචිතයක් නම් කර තිබෙනවා.ක්‍රීඩකයින් 22 ක් සහ ක්‍රීඩිකාවන් 12 ක් ඇතුළත් මෙම සංචිතයට වසරේ වේගවත්ම ක්‍රීඩකයා නම් කර තිබෙන්නේ සහය දිවීම සඳහා පමණක් වීම විමතියට කරුණක්ව තිබෙනවා.

මාතර ලීඩ්ස් ජාත්‍යන්තර පාසල නියෝජනය කරන දිනෙත් ඉඳුවර පසුගිය වසරේදී ඉතාලියේ පැවති තරග නියෝජනය කරමින් තත්පර 10.60 ක කාලයක් වාර්තා කරන්නට සමත් වූ අතර සංචිතගත ක්‍රීඩකයින්ගේ ඉසව් විමසා බැලීමේදී ඔහුගේ පෞද්ගලික ඉහළ දක්ෂතාවය එය ලෙස දක්වා තිබුණත් ඔහු මීටර් 100 සහය දිවීමට පමණක් යොදාගෙන තිබෙන බව දක්වා තිබෙනවා.

කෙසේ වුවත් නම් කර තිබෙන සංචිතයට ඇතුළත් ඉහළ දක්ෂතා දැක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 34 අතර එකම ඉසව්ව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර නැවත තරග පැවත්වීමෙන් ඉහළම සුදුසුකම් නිරීක්ෂණය කරනු විනා සහය දිවීම ලෙස ඔවුන්ව නම් කර තැබීම සුදුසු නොවන බව අපේ හැඟීමයි.එසේම මේ සිටින යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙක් මේ කොදෙව්වෙන් එපිට ජයග්‍රහණ සොයා යා හැකි මට්ටමේ දක්ෂයන් වන බැවින් ඔවුන් සියලු දෙනා සම්බන්ධයෙන් අවශ්‍යය පහසුකම් ඉහළින්ම ලබා දීමට ක්‍රීඩා අමාත්‍යංශය නැති වාදමෙන් මිදී,අනුග්‍රාහකයන් සොයා දීම වැදගත් වෙනවා.ඒ සඳහා අමාත්‍යංශය සහ ක්‍රීඩා අමාත්‍යංශය එක අදහසකට පැමිණීම වටින අතර මෙවැනි තැන්වලදී ඉහළ ප්‍රතිපල ලබා ගැනීමට යාමේදී ක්‍රීඩා අමාත්‍යවරයා පරිස්සම් විය යුත්තේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් පවසන “අපට ඕවා තිබුණෙත් නැහැ,එච්චර දේවල් ඕනි නැහැ” වැනි අදහස්වලින්ය.

ලෝකය දක්ෂතා මෙන්ම පහසුකම්වලින්ද වෙනස් වී ඇති අතර හැකියාවන් ඇති අයට ලෝකයට සමාන විය හැකි මට්ටමට නොහැකිනම් සමීප විය හැකි මට්ටමට හෝ පහසුකම් ලබා දීම රටක වගකීමය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan