ජාතික රෝහලේ මරණය ගැන සෞඛ්‍ය ඇමති වාර්තාවක් ඉල්ලයි!

කොළඹ LNW:කොළඹ ජාතික රෝහලේ ඔක්සිජන් ලබා දීමේදී විශාල ලෙස කාබන්ඩයොක්සයිඩ් ශරීර ගත වීම නිසා සිදුව තිබුණු අනපේක්ෂිත මරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා රෝහලෙන් වාර්තාවක් ඉල්ලා තිබේ.

ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත එම දැනුම් දීම සිදු කර ඇත.

ඒ අනුව රෝහලේ එම රෝගියා සම්බන්ධයෙන් සත්කාර සේවයේදී සිදුවූ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් රෝහල විසින් පරීක්ෂණයක් කළ යුතු වෙයි.

අදාළ රෝගියා පියයුරු සම්බන්ධ ශල්‍යකර්මයක් සඳහා නේවාසිකව සිට ඇති අතර එම ශල්‍යකර්මය ද සාර්ථකව සිදුකර ඇත. ශල්‍යකර්මයෙන් අනතුරුව ප්‍රකෘති තත්ත්වයට පැමිණීම සඳහා ඔක්සිජන් ලබාදීමේදී යි මෙම අනපේක්ෂිත මරණය සිදුව ඇත්තේ.

ඔක්සිජන් ලබා දීමේදී විශාල කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් ශරීර ගතවී රෝගියා මරණයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබා දීමද නැත්නම් කිසියම් හෝ ආකාරයකින් මෙම වායුන් දෙක සම්බන්ධ වීමක් සිදුවී ඇත්ද නැත්නම් ඔක්සිජන් අපිරිසිදු වී ඇත්ද යන්න පිළිබඳ රෝහල විසින් පරීක්ෂණයක් සිදුකරන බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ.

මෙලෙස අනපේක්ෂිත ලෙස මියගොස් ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි හැට එක් වියැති අවිවාහක කාන්තාවකි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...