මම ආයෙ ජීවිතේට දේශපාලනය කරන්නෑ. නොදකින් නොදෝමකින් – ලක්කම්මා දිවුරයි

සටහන – රුවන් නෙළුගොල්ල

තමන් නැවතත් කිසි දිනක දේශපාලනයට එකතු නොවන බව ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න පවසයි.

“දේශපාලනය කරන්නෑ මම. ආයෙ ජීවිතේට දේශපාලනය කරන්නෑ, අප්පෝ හොඳටම ඇති. නොදකින් නොදෝමකින්. දේශපාලනය කියන්නෙ තනිකර බල පොරයක් සහ අපේ ජීවිතවල අපි හදාගත්ත ප්‍රතිරූප කුඩු පට්ටම් වෙන තැනක්. මම සම්මාන දිනාගත්තෙ, මම රටේ මිනිස්සුන්ගෙ ආදරය දිනාගත්තෙ දේශපාලනයෙන් නෙවෙයි. හැබැයි මම මෙහෙම ස්වාධීන වුණාම මම නිදහස් මනුස්සයෙක්. ඕනෙම කෙනෙක්ගෙ වරදක්, හොඳ දෙයක් මට මේ වගේ ඇවිල්ලා රටටම කියලා කතා කරන්න පුළුවන්. ඒ නිදහස මම දැන් භුක්ති විඳිනවා කලාකාරිනියක් විදියට සහ පුරවැසියෙක් විදියට. මට ඒ ලැබිච්ච ආදරයනෙ මම පාවිච්චි කළේ දේශපාලනය තුළත්. ඉතින් ආපහු ඒ ආදරේ මම කාටවත් පාවිච්චි කරන්න දෙන්නෙ නෑ, ඒ ආදරය මම මගේ රටේ මිනිස්සු වෙනුවෙන් පාවිච්චි කරනවා”

ප්‍රශ්නය – ඔබ දැඩි කළකිරීමකින් වගේ කතා කරන්නෙ ?

“අනිවාර්යයෙන්ම. ලොකු කළකිරීමක් තියෙන්නෙ. ඒ මම දැක්කානෙ සමගි ජන බලවේගයෙන් මට කරපු දේ. ඒ රැවටීම කොයිතරම් තිරිසන්ද නේ ? තමුන් වෙනුවෙන් වැඩ කරපු මනුස්සයෙක්ට. අනිත් එක මම නාමයෝජනා ඉල්ලලා නෙවෙයිනෙ, මට ඕනෙ තැනකින් ඉල්ලන්න කියද්දී හේෂා වැනි මනුස්සයෙක් සහ රංජිත් මද්දුම බණ්ඩාර මහලේකම්වරයා වැනි කෙනෙක් මූණට කිසිම අසාධාරණයක් කරන්නෑ කියලා ඒ කරපු වැඩේ ඒවා මහා කුජීත තුප්පහි වැඩ. මාව මරලා දැම්මා නම් හොඳයි ඔයිට වැඩිය. අවස්ථාව තැන දෙන්න ඕනෙ මනුස්සයාට කකුලෙන් අදිනවා. මේ වගේ දේවල් අනාගතයේදීවත් නොවුණොත් ඔය පක්ෂයට අනාගතයක් තියෙයි, නැත්නම් පක්ෂයම කුඩු පට්ටම් වෙලා යාවි”

දමිතා අබේරත්න මේ බව පැවසුවේ ඊයේ (දෙසැම්බර් 30) දිනයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර පළාතට අධික වර්ෂාවක් : කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව ආසන්නයේ...

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...