වැඩබලන පොලිස්පතිගේ නව අවුරුදු නියෝගය!

Date:

කොළඹ LNW:නව වසරේ උදාවත් සමඟ සාමාන්‍යයෙන් තෑගි බෝග දීම සිදුවන අතර එය විශේෂයෙන් රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන්ට සුවිශේෂී තත්ත්වයක් වෙයි.

එලෙස තුඩු පඬුරු,තෑගී බෝග ලබාගැනීම විනිවිදභාවයෙන් යුතු රාජකාරී ඉටුකිරීමට බාධාවක් වුවත් බොහෝවිට ඒවා ප්‍රතික්ෂේප කිරීම සිදුනොවෙයි.

ඒ නිසාම මේවා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් විශේෂ තීරණයක් ගනිමින් එවැනි තෑගි බෝග (හැම්පර්) ලබාගැනීම තහනම් කර තිබේ.

ඊට අදාළව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා විසින් චක්‍ර ලේඛයක් නිකුත් කර ඇති බව සදහන්. එය පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සිට ඉහළ සියලුම නිල දක්වා බලපත්වෙන අතර මෙම චක්‍රලේඛය පිළිනොපදින ඕනෑම නිළධාරියෙකුට එරෙහිව විනය පියවර ගන්නා බවද වැඩබලන පොලිස්පතිවරයා පවසා ඇත.

නව වසර වෙනුවෙන් ඉහළ නිළධාරීන්ට සුබ පැතීමට අවශ්‍ය නම් ඒ සදහා ඔවුන් හමුවිය යුතු නැති බවත් එය වට්ස්ඇප් පණිවිඩයක් මගින් කළ හැකි බවත් වැඩබලන පොල්සිපතිවරයා පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...