අයවැය ඡන්දය අතරේ කොළඹ මහ නගරසභාවේ වංචා දුෂණ හොයන්න ජනාධිපති කොමිසමක් පත්කරයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි සැලකෙන දූෂණ අක්‍රමිකතා විමර්ශනය සහ පරීක්ෂා කර වාර්තා කිරීම පිණිස ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් මෙම කොමිසම පිහිටුවා ඇත.

හිටපු මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, ගණකාධිකාරී ඊ. ආර්. එම්. එස්. එච්. ඒකනායක. හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්. වික්‍රමසිංහ යන මහත්වරු මෙම කොමිසන් සභාවේ සාමාජිකයින් ලෙස පත්කර ඇති බවයි එම ගැසට් නිවේදනයෙහි දැක්වෙන්නේ.

2010 සිට 2025 දක්වා කාලය තුළ කොළඹ මහ නගර සභාව තුළ සිදුවී ඇතැයි සැලකෙන දූෂණ, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම්, දේපල සාපරාධි ලෙස පරිහරණය ආදිය විමර්ශනය කිරීම මෙම කොමිසමට පැවරෙන බවත් රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම, නීත්‍යානුකූල නොවන බඳවා ගැනීම් හා පත්කීරීම්, නීතිවිරෝධී සැලසුම්, නිශ්චල හෝ චංචල දේපළ කුලියට හෝ බද්දට දීමේදී සිදුකර ඇති අක්‍රමිකතා සොයා බලා වාර්තා කිරීම ආදී කාර්යයන් මෙම කොමිසන් සභාවට පැවරෙන බවත් එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

කොළඹ මහ නගර සභාවේ අයවැය සම්මත කරගැනීම සඳහා දෙවැනිවර ඡන්ද විමසීම ද අදට (31) යෙදී තිබේ.

අදාළ සම්පූර්ණ ගැසට් නිවේදනයට මෙතැනින් යොමුවන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...