එළැඹෙන වෙසක් පොහෝ දිනයෙහි වෙනසක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW:

මෙවර වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය ත්‍රෛනිකායික මහා නා හිමිවරුන්ගේ ඉල්ලීම පරිදි, සංශෝධනය කරන බව රාජ්‍ය පරිපාලන , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

එය ඉදිරියේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව, අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේය. 2026 මැයි මස 30වැනි දිනට යෙදෙන පුර පසළොස්වක දිනය වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලෙස ප්‍රකාශයට පත්කිරීම සුදුසු බව ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කරමින් ඊයේ (30) පැවසුවේ ය.

ත්‍රෛිනිකායික මහනායක හිමිවරු  පෙන්වා දෙන්නේ 2026 මැයි 01 වැනි දින සහ මැයි 30වැනි දින යන දෙදිනම පසළොස්වක හොහොය යෙදෙන බවයි. දැනට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් ප්‍රකාශිත දින දර්ශනයන්හි 2026 මැයි 01වැනිදා වෙසක් පුන් පොහොය ලෙසත් 2026 මැයි 30 වැනිදා අධි පොසොන් පුර පළොස්වක පොහොය දිනය ලෙසත් යොදා ඇති බව ද උන්වහන්සේ පෙන්වා දුන්නේ ය.

වෙසක් පොහොය සැමරෙන්නේ විසා නැකතින් බව , මහා නාහිමිවරුන් පෙන්වා දෙන අතර, එහෙත් මැයි පළමුවැනිදා යෙදෙන පොහොය උදා වන්නේ විසා නැකතින් නොවන බවද උන්වහන්සේ පෙන්වා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රෑන්ඩ් හයට් හෝටල් ගොඩනැගිල්ල විකිණීමට ලංසු කැඳවයි

Sinolanka සහ Helanco යන හෝටල් සමාගම්වල මව් සමාගම වන...

මං හිතන්නෙ හිටපු කථානායක රන්වලට ආචාර්ය උපාධි සහතිකයක් නෑ – ඇමති බිමල්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කථානායක අශෝක රන්වල මහතාට ආචාර්ය...

නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන සාකච්ඡාවක් දැනට නැහැ – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාට එරෙහිව...

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...