එළැඹෙන වෙසක් පොහෝ දිනයෙහි වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW:

මෙවර වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය ත්‍රෛනිකායික මහා නා හිමිවරුන්ගේ ඉල්ලීම පරිදි, සංශෝධනය කරන බව රාජ්‍ය පරිපාලන , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

එය ඉදිරියේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව, අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේය. 2026 මැයි මස 30වැනි දිනට යෙදෙන පුර පසළොස්වක දිනය වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලෙස ප්‍රකාශයට පත්කිරීම සුදුසු බව ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කරමින් ඊයේ (30) පැවසුවේ ය.

ත්‍රෛිනිකායික මහනායක හිමිවරු  පෙන්වා දෙන්නේ 2026 මැයි 01 වැනි දින සහ මැයි 30වැනි දින යන දෙදිනම පසළොස්වක හොහොය යෙදෙන බවයි. දැනට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් ප්‍රකාශිත දින දර්ශනයන්හි 2026 මැයි 01වැනිදා වෙසක් පුන් පොහොය ලෙසත් 2026 මැයි 30 වැනිදා අධි පොසොන් පුර පළොස්වක පොහොය දිනය ලෙසත් යොදා ඇති බව ද උන්වහන්සේ පෙන්වා දුන්නේ ය.

වෙසක් පොහොය සැමරෙන්නේ විසා නැකතින් බව , මහා නාහිමිවරුන් පෙන්වා දෙන අතර, එහෙත් මැයි පළමුවැනිදා යෙදෙන පොහොය උදා වන්නේ විසා නැකතින් නොවන බවද උන්වහන්සේ පෙන්වා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...