ගාල්ල මහ නගර සභාවේ ගාලගෝට්ටියක්. 05ක් අත්අඩංගුවට!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: ගාල්ල මහ නගර සභාවේ විශේෂ මහා සභා රැස්වීමේ දී නොසන්සුන්කාරී ලෙස හැසිරුණ විපක්ෂ මන්ත්‍රීවරියක් ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරී මණ්ඩලයට ජල ප්‍රහාර එල්ල කර සාපරාධී බලහත්කාරය දක්වා රාජකාරියට බාධාකිරීම සම්බන්ධයෙන් එම විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත්ව ඇත්තේ ගාල්ල මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙක්, පොදුජන එක්සත් පෙරමුණේ නාගරික මන්ත්‍රිවරියක් සහ සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකි.

ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අද (31) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඊයේ (30) දින නගරාධිපතිවරයා සභාව ආරම්භ කිරීමත් සමඟ සභා ලේකම්වරිය ඇතුළු නිලධාරීන්ට විපක්ෂ මන්ත්‍රීවරු විරෝධය පළකිරීම සමඟින් සභාවේ නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන තිබේ.

2026 අයවැය සම්මත කිරීමේ ඡන්ද විමසීමේදී ඇතිවූ ආරවුලක් මත ලේකම්වරිය ඇතුළු නිලධාරීන් සභා ගර්භයට පැමිණ ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂය එම විරෝධය දක්වා ඇති අතර නගරාධිපතිවරයා න්‍යායපත්‍රානුකූලව සභාවේ කටයුතු ක්‍රියාත්මක කර ඇති නමුත් ඉන් අනතුරුව එළැඹි කාරක සභා අවස්ථාව නිවේදනය කිරීමත් සමඟ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ලේකම් මණ්ඩලය රැඳි සිටින පෙදෙසට වතුර බෝතල්වලින් ප්‍රහාර එල්ල කර ඇත.

තත්ත්වය පාලනය කිරීම අපහසුවීමත් සමඟ සභාව විනාඩි 30කට කල්තැබීමට නගරාධිපතිවරයා කටයුතු කර තිබේ. එහෙත් තත්ත්වය පාලනය වී නොමැති අතර විපක්ෂයේ මන්ත්‍රීවරු කෑ ගසමින් නොසන්සුන් ලෙස හැසිරී ඇති බව වාර්තා වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...