කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.

අයවැයට පක්ෂව ඡන්ද 58ක් හිමිව ඇති අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 56කි.

කොළඹ මහ නගර සභාවේ මංගල අයවැය දෙසැම්බර් 22 වැනිදා සභාවට ඉදිරිපත් කෙරුණු අතර විපක්ෂයේ එකතුවෙන් එය පරාජයට පත්විය.

පළමු වර අයවැයට විපක්ෂව ඡන්ද 60ක් එහිදී හිමි වූ අතර පක්ෂව ලැබුණේ ඡන්ද 57 ක් පමණි.

එවන් පසුබිමක අයවැය සංශෝධනයකින් තොරව යළි අද දිනයේදී නගරාධිපතිනි ව්‍රායී කැලී බල්තසාර් මහත්මිය විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

කෙසේවෙතත් කොළඹ මහ නගර සභාවේ ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ (30) මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කළේ ඇයවැය වාර්තාව සංශෝධනයකින් තොරව ඉදිරිපත් කළ හොත් නැවත අවරක් අද දින එය පරාජයට පත්කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...