ඊශ්‍රායලයේ රැකියා සඳහා කිසිදු පුද්ගලයෙකුට මුදල් ලබා දීමෙන් වලකින්න – විදේශ සේවා නියුක්ති කාර්යාංශය

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW :

2025 වසරේ ජනවාරි සිට ඊයේ (30) දක්වා ගතවූ කාලය තුළ ශ්‍රි ලාංකිකයින් 738 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව වාර්තා වේ.

ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ඊයේ (30) දින ඊශ්‍රායලය බලා පිටත්ව ගිය 191 වන කණ්ඩායමට අයත් සාත්තු සේවා වෘත්තිකයින් 06 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම ඊයේ (30) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී (ආයතනික කටයුතු) ඒ.කේ.යූ.රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාංශයේදී සිදු විය.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායලයේ පීබා (PIBA) ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින් 2628 දෙනෙකු හට හිමිව ඇත.

ඊශ්‍රායලයේ සාත්තු සේවා අංශයේ රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට හිමිවන්නේ දෙරට අතර ඇති කර ගන්නා ලද අවබෝධතා ගිවිසුමක් අනුව වන හෙයින් ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා කිසිදු පුද්ගලයෙකුට මුදල් ලබා දීමෙන් වලකින ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...

නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඉන්දියාවේ ආරාධනය පරිදි...