2026 නව වසර උදා වූ රටවල්…

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW :

ලොව පුරා රටවල් මේ වන විට 2026 නව වසර උත්සවශ්‍රීයෙන් පිළිගැනීමට සූදානමින් සිටින අතර, රටවල් කිහිපයකට මේ වන විට නව වසර උදා වී අවසන්. ඒ අනුව, 2026 නව වසර පළමුව උදා වූයේ දුරස්ථ පැසිෆික් රාජ්‍යයක් වන කිරිබාති දිවයිනටයි.

නවසීලන්තය සහ ඕස්ටේ්‍රලියාවද 2026 නව වසර උත්සවශ්‍රීයෙන් පිළිගෙන තිබෙන බව වාර්තා වේ.

නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි පැවති දැවැන්ත ගිනි කෙළි සංදර්ශනයකින් නව වසර පිළිගෙන තිබෙන බවද සඳහන් වේ.

විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, සිඩ්නි ඔපෙරා හවුස් ඇතුළු සිඩ්නි නගරයද වර්ණවත් ගිනි කෙළි රටාවලින් ආලෝකමත් වූ බවයි.

ටොංගා වැසියන්ද සාමය, බලාපොරොත්තුව සහ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් නව වසර පිළිගෙන තිබෙන අතර, රුසියාවේ ඇතැම් ප්‍රදේශවලටද නව වසර උදා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. පැසිෆික් කලාපයේ තවත් රටවල් කිහිපයකට මේ වන විට 2026 නව වසර උදා වී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...

හදවත නිසලය… මතකය සසලය…

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම...

අලව්වේදී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරලා !

සටහන - රුවන් නෙළුගොල්ල අලව්ව, මොරවලපිටිය, ගොඩාකූරුව ප්‍රදේශයේදී ඊයේ (17)...