මැතිවරණ කල් දමන්නට රජය උත්සාහයක – චරිත කියයි

Date:

මැතිවරණ කල් දැමීමේ උත්සාහයක රජය නිරත වෙමින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.

“මේ දිනවල සමහරුන් ප්‍රකාශ කරන්නේ මීළඟ වර්ෂයේ නොවැම්බර් මාසයෙන් පසුව හදිසි ජනාධිපතිවරණයක් කැඳවිය හැකි බවත් ඒ වෙනකල් අනෙක් මැතිවරණ කල් දමන්නට රජය උත්සාහ දරන බවත්ය. මෙතැන එකක් ඇත්තේය. ඒ කියන්නේ දැනට පවත්වන්නට ඇති මැතිවරණ කල් දමන්නට රජය උත්සාහ ගන්නා බවය. එය ඇත්තක් වූවාට ඉක්මන් ජනාධිපතිවරණයක් කැඳවීමේ හැකියාවක් ව්‍යවස්ථාවෙන් සොයාගත නොහැකි බව මගේ අදහසය.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 30 (3) (අ) වගන්තියේ තිබෙන්නේ බලයේ සිටින ජනාධිපතිවරයාට දෙවැනි වරටත් තරග කිරීමේ අභිලාෂයක් තිබේ නම් තමන්ගේ ධුර කාලයෙන් වසර 04 ගතවූ තැන නව ජනාධිපතිවරණයක් කැඳවිය හැකි බවය. 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මේ අවස්ථාව පාවිච්චි කරමින් නියමිත කාලයට වසරකට පමණ කලින් ජනාධිපතිවරණයක් කැඳවූ බව ඔබට මතකය.

සමහරුන් තර්ක කරන්නේ මේ වගන්තියම යොදා ගනිමින් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් 2023 නොවැම්බරයෙන් පසුව ජනාධිපතිවරණයක් කැඳවනු ඇති බවය. එතුමා එවැන්නක් ප්‍රකාශ කර නැති බව සැබෑවක්ය. එහෙත් අනෙකුත් අය මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණය කල්දැමීමට හේතුවක් ලෙසින්ද මේ කථාව කියනු දැකිය හැකිය.

මේ පිළිබඳව නෛතික තත්ත්වය නොදන්නා අය මිස අනෙක් අය දන්නා පරිදි කිව යුතු කාරණයක් වන්නේ මේ තර්කයට කිසිදු නෛතික පදනමක් නැති බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 (ඉ) වගන්තිය මගින් නිශ්චිතව ප්‍රකාශ කර ඇත්තේ ඉහතින් සඳහන් කළ ‘අභිලාෂය ප්‍රකාශ කර ජනාධිපතිවරණයක් කැඳවීමේ අයිතිය’ පාර්ලිමේන්තුවෙන් පත්වෙන අනුප්‍රාප්ත ජනාධිපතිවරයකුට හිමි නොවන බවය.

එම වගන්තිය වන්නේ (31-ඉ) 40 වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ ජනාධිපති ධුරයට පත්වන අනුප්‍රාප්තක තැනැත්තෙකුට මේ අනු ව්‍යවස්ථාවේ (අ) ඡේදය මගින් ජනාධිපතිවරයකු වෙත පවරා ඇති අයිතිය ක්‍රියාත්මක කිරීමේ හිමිකමක් නොමැත්තේය’ කියාය. ඒ නිසාම හදිසි ජනාධිපතිවරණයක් පිළිබඳව ඉදිරිපත් වන අදහස් පදනමක් නැත.

මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල වත්මන් ජනාධිපතිරයාට හා මේ ආණ්ඩුවට බරපතළ ආකාරයෙන් බලපාන බව සැබෑවක්ය. එහෙත් ඒ බලපෑම නිසාම ඉක්මන් ජනාධිපතිවරණයකට අභිලාෂ කැඳවීමේ ව්‍යවස්ථාමය ඉඩක් ඇත්තේ නැත”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...