*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

රටට කොව්ඩ් ගැන හරි අදහසක් ලබා ගන්න බැරි වෙලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිසා – කුමුදේශ්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  අද  (31) දින පැවැත්වූ  මාධ්‍ය සාකච්ඡාවදී, වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදින්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ , ජාතික රෝහලේ PCR රසායනාගාරය අනතුරේ බවත් , සති තුනක් පුරාවට එය වසා දමා ඇති බවයි . තවද, වායුසමීකරණ පවා ක්‍රියා විරහිත කර ඇති අතර , කොවිඩ් සඳහා රසායනාගාර සූදානම්ව තබාගන්නා ලෙසද කියා සිටියේය. ක්ෂණික ප්‍රතිදේහ කට්ටල ලබා දෙන ලෙසත් ආවේක්ෂණ නොකලාට, රෝගීන් හඳුනා ගැනීමේ කොවිඩ් පරීක්ෂණ නතර කර තබන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට අයිතියක් නොමැති බවද ඒ මහතා පැවසීය.

රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් පැවසූවේ ,

කොවිඩ් ගැන රට අදහසක් නෑ.  රෝහල්වල පරීක්ෂණ කරන්නේ නෑ. පරීක්ෂණ ක4අන්න පරීක්ෂණ කට්ටල නෑ. කට්ටල නැත්තේ ඉල්ලුම් කරන්නේ නැති නිසා. ඉල්ලුම නොකරන්නේ පරීක්ෂණ එන්නේ නැති නිසා. පරීක්ෂණ නැතිතේ කොව්ඩ් නැති නිසා නෙවේ, වෛද්‍ය නිලධාරීන් පරීක්ෂණ ඉල්ලුම් නොකරන නිසා. ඔවුන් පරීක්ෂණ ඉල්ලුම් නොකරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය එපා කියන නිසා. සෞඛ්‍ය අමාත්‍යාංශය එපා කියන්නේ කොවිඩ් ගැන ඇත්ත අදහස හෙලිදරව් වෙනවට අකමැති නිසා. ඒ අනුව, රටට කොව්ඩ් ගැන හරි අදහසක් ලබා ගන්න බැරි වෙලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිසා.

කොවිඩ් රෝගය සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ සිදු කිරීම සඳහා මේ වන විට රෝහල් මට්ටමින් ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රමය පිළිබඳව අප සෑහීමකට පත් නොවන්නෙමු.  මේ වනවිටත්, රෝහල්වලට පැමිණෙන කොවිඩ් රෝග ලක්ෂණ සහිත හෝ වෛද්‍යවරුන් විසින් කොවිඩ් රෝගීන් යැයි අනුමාන කරන රෝගීන් සඳහා පරීක්ෂණ සිදුකිරීමේ පහසුකමක් සහ පරීක්ෂණ ඉල්ලුම් කිරීමේ ක්‍රමවේදයක් නිශ්චිතව ක්‍රියාත්මක නොවේ. කොවිඩ් පමණක් නොව ඕනෑම රෝගයකදී අනුමාන කරන රෝගයට අදාළ වෛද්‍ය පරීක්ෂණයක් සිදුකිරීම සාමාන්‍ය තත්ත්වයක් වුවද, කොවිඩ් සඳහා පමණක් එය එලෙස ක්‍රියා නොකිරීමට වග බලාගෙන ඇතිතේ කිනම් හේතුවක් නිසාද යන්න තවදුටත් පැහැදිලි විය යුතුව ඇත.

කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට අනුව, වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් නියැදි පරීක්ෂාවක් සිදු කරන ලද බව සඳහන් වන නමුත් එමගින් ලබා ගත් නිගමනය පමණක් රටට ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් නැත. එනයින් එම නියැදි පරීක්ෂාව සඳහා නිදර්ශක එකතුකර ගත් අකාරය ඇතුළු එම පර්යේෂණයේ ප්‍රතිඵලවලට අදාල පූර්ණ වාර්ථාවක් හෙලිදරව් කරන ලෙස අප සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිමු.

එසේම, ඉතා කෙටිකලක් තුළ කල් ඉකුත් වී ඉවත දැමීමට සිදුවන ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල  පැවතියදී පවා රෝහල් මට්ටමෙන් හමුවන සැක සහිත රෝගීන් පරීක්ෂා කිරීම මගහරිමින්, කිසිවෙකුත් නොදන්නා නියැදි පරීක්ෂාවකින් අවසන් නිගමනයකට අනවශ්‍ය ගැටළු රැසකට හේතු විය හැකි බවද, අප  ඉතා ඕනෑකමින් පෙන්වා දෙන්නෙමු” ලෙස අවධාරණය කර සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan