UNFPA වෙතින් මෙරට සෞඛ්‍යට ඇ.ඩො.මි.2.5 ක ප්‍රදානයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 04,, කොළඹ (LNW): එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලින් (UNFPA) අමෙරිකානු ඩොලර් මිලියන දෙකහමාරකට අධික වටිනාකමකින් යුත් ප්‍රදානයක් මෙරට සෞඛ්‍ය සේවාවේ සංවර්ධනය සඳහා හිමිව ඇත.

ශ්‍රී ලංකාවේ ලිංගිකත්වය හා ප්‍රජනක සෞඛ්‍ය සහ අනෙකුත් ප්‍රජනක සෞඛ්‍ය සේවාවන් වෙනුවෙන් , ජපන් රජයේ ආධාර යටතේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදළ හරහා එම ප්‍රදානය හිමිව ඇති බව සඳහන් වේ.

එමෙන්ම මාතෘ හා ළමා සෞඛ්‍ය සංවර්ධනය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුත් “Health On Wheels- විශේෂයෙන් සකසන ලද ජංගම ඒකක” ලොරි රථ තුනක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්‍රදානය කිරීම ද සිදුව තිබෙන බව සඳහන් වේ.

වැඩි දුරටත් වාර්තා වන්නේ, සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍යය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත මෙම පරිත්‍යාගය එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ආසියා ශාන්තිකර කළාපයේ අධ්‍යක්ෂ පියෝ ස්මිත් (Pio Smith), ජපන් තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති කත්සුතී කොටාරෝ යන මහත්වරුන් විසින් ප්‍රදානය කළ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...