ෆොනීගේ නඩුව – සජබට එරෙහි වාරණය දීර්ඝ කෙරේ

Date:

සමගි ජන බලවේගයේ සභාපති සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම, තනතුරු අත්හිටුවීම හෝ ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කර තිබුණු වාරණ නියෝගය යළි දීර්ඝ කර තිබේ.

ඒ, තමන්ව තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලන ලෙස ඉල්ලමින් සරත් ෆොන්සේකා මහතා විසින් ගොනු කර ඇති පෙත්සම අද (04) කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

මෙම වාරණ නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගයේ නීතීඥවරුන් අද දිනයේදී මූලික විරෝධතාවක් ගොනු කළ අතර අධිකරණය නිවේදනය කළේ මාර්තු 19 වනදා එම මූලික විරෝධතා සම්බන්ධයෙන් සලකා බලන බවත් එදින තෙක් වාරණ නියෝගය දීර්ඝ කරන බවත් ය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා යන මහත්වරු වෙත මෙම වාරණ නියෝග නිකුත් කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ ජාතිවාදී වීඩියෝව සහ දේශපාලන ආන්දෝලනය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): https://open.spotify.com/episode/166crhjQUNLAyKiQAqsyuM?si=jPDh7e-uRFyV7sIRbFW3rQ හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ...

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...

නේපාලයේ බිහිසුණු බස් රථ අනතුරක් : 13 ක් ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ බයිටාඩි දිස්ත්‍රික්කයේ...

ශම්මිගේ ඉල්ලීමෙන් පසු පකිස්තානයට මඟ හැරිය හැකිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: පකිස්තානයට ගැටළුව ඇත්තේ ඉන්දියාව...