2024 චීන ජාතික මහජන කොංග්‍රසය ඇරඹේ!

Date:

කොළඹ LNW:චීන ලක්ෂණවලින් යුත් සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදය පිළිඹිබු කෙරෙන 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය අද උදෑසන බෙයිජිංහිදී ආරම්භ විය.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයන් මෙන්ම ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතයන් 2900ක පමණ පිරිසක් මෙම සමාරම්භක උත්සවයට එක්ව සිටියහ.

මෙම දෙවැනි සැසිවාරයේ දී චීන අග්‍රාමාත්‍යවරයා 2024 රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කළේය. කොරොනා වසංගතය පාලනයෙන් පසු තීරණාත්මක ජයග්‍රහණය ලබා ගත් චීනය ප්‍රධාන ආර්ථික හා සමාජ සංවර්ධන ඉලක්ක පූර්ණ ලෙස සාක්ෂාත් ක‍ර ගත් බවත් නවීකරණ සමාජවාදී රටක් නිර්මාණය කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත් චීන අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 75වැනි සංවත්සරය මෙම වසරට යෙදී තිබෙන අතර ‘14වැනි පස්අවුරුදු සැලැස්ම’ ක්‍රියාවට නැංවීමේ තීරණාත්මක වසරක් ලෙසට ද මෙම වසර සැලකේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...