2024 චීන ජාතික මහජන කොංග්‍රසය ඇරඹේ!

Date:

කොළඹ LNW:චීන ලක්ෂණවලින් යුත් සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදය පිළිඹිබු කෙරෙන 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය අද උදෑසන බෙයිජිංහිදී ආරම්භ විය.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයන් මෙන්ම ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතයන් 2900ක පමණ පිරිසක් මෙම සමාරම්භක උත්සවයට එක්ව සිටියහ.

මෙම දෙවැනි සැසිවාරයේ දී චීන අග්‍රාමාත්‍යවරයා 2024 රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කළේය. කොරොනා වසංගතය පාලනයෙන් පසු තීරණාත්මක ජයග්‍රහණය ලබා ගත් චීනය ප්‍රධාන ආර්ථික හා සමාජ සංවර්ධන ඉලක්ක පූර්ණ ලෙස සාක්ෂාත් ක‍ර ගත් බවත් නවීකරණ සමාජවාදී රටක් නිර්මාණය කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත් චීන අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 75වැනි සංවත්සරය මෙම වසරට යෙදී තිබෙන අතර ‘14වැනි පස්අවුරුදු සැලැස්ම’ ක්‍රියාවට නැංවීමේ තීරණාත්මක වසරක් ලෙසට ද මෙම වසර සැලකේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (30) දවසේ කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී සබරගමුව, මධ්‍යම...

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීපව්‍යාප්ත වර්ජනයකට දින නියම කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල සෞඛ්‍ය අමාත්‍යාංශය අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කිරීමට...

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා අත්අඩංගුවට...