සමෘද්ධි ව්‍යාපාරය සුරක්ෂිතයි – ශෙහාන් සේමසිංහ

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 06 , කොළඹ (LNW): මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අද (06) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් සදහන් කර සිටියේ , සමෘද්ධි ව්‍යාපාරය කිසිදු අවස්ථාවක අහෝසි කිරීමට රජය බලාපොරොත්තු නොවන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, සමෘද්ධි ව්‍යාපාරය සවිලබ ගැන්වීම සඳහා විශේෂ වගකීමක් බවත් එය ඉදිරියට ගෙනයන බවත්ය.

“ජනාධිපතිවරයා සහ අගමැතිවරයා උපදෙස් ලබාදුන්නේ, පවතින ක්‍රමවේදය තුළ සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයට මේ අනිවාර්ය දායකත්වය ලබාදිය යුතු මුදල් කාණ්ඩය කපාගෙන ඉතිරි මුදල් ප්‍රතිලාභියාගේ බැංකු ගිණුමට ඍජුවම ලබාදීමට හැකියාවක් නෑ. ඒ නිසා අපි සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයට හා සමෘද්ධි දෙපාර්තමේන්තුවටත් උපදෙස් ලබාදීලා තියෙනවා. ලක්ෂ 20ක ප්‍රතිලාභීන් ප්‍රමාණය ලක්ෂ 24ක් දක්වා 2024 ජුලි මාසයේ සිට වැඩිකරන අවස්ථාවේ දී මේ සියලු ප්‍රතිලාභීන් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලට දායකත්වය සපයන ක්‍රමවේදය සකස් කරන්න කියලා. මේ වනවිටම සමෘද්ධි සංවර්ධන නිලධාරීන් විසින් ඔවුන්ගේ කැමැත්ත ලබාගෙන තියෙනවා මේ දායකත්ව මුදල දැනට ප්‍රතිලාභය ලබන බැංකු ගිණුමෙන් සමෘද්ධි ව්‍යාපාරයට බැර කිරීම සඳහා…” ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැරදි කළ අයට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබාදෙනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : වර්තමානය වනවිට රට...

NOCSL හරි පීල්ලට…

නිශ්මං රණසිංහ ජුනි 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්...

ලංකාව අසීරු අඩියක

නිශ්මං රණසිංහ ජුනි 21, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...