පුරේ කැබ් රථයක් පාරේ ගමන් කළ පිරිසක් යටකරගෙන යයි. තිදෙනෙක් මරුට !

0
525

අනුරාධපුර – රඹෑව ප්‍රධාන මාර්ගයේ 13 කණුව සහ 14 කණුව අතර ප්‍රදේශයේදී කැබ් රථයක් පාරේ ගමන් කරමින් සිටි පිරිසක් හප්පාගෙන පළාගොස් ඇති බව වාර්තා වේ.

අද (09) අළුයම සිදුවූ එම අනතුරින් තිදෙනෙකු මරුමුවට පත්ව ඇති බව සඳහන්.

මෙසේ මියගොස් ඇත්තේ සංගීත සංදර්ශනයක් නරඹා ආපසු යමින් සිටි පිරිසකි.

අනතුරින් තුවාල ලැබූ තවත් දෙදෙනෙකු රෝහල්ගත කර ඇත.

පළා ගිය කැබ් රථය සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක වේ.

RN