දෙහිවල ගල්වල පාරේදී මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 11, කොළඹ (LNW):දෙහිවල පොලිසියට ලැබුණු තොරතුරක් මත ඊයේ (10) රාත්‍රී සිදුකරන ලද වැටලීමකදී, මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකරුවෙකු T56 මැගසින් 16 සමග දෙහිවල ගල්වල පාරේ නිවසක සැගවීසිටි මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කරන්නේ, මෙසේ අත්අඩංගුවට ගෙන අත්තේ දෙහිවල ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 26 වන දිල්හාර නම් පුද්ගලයෙකු බවයි.

සැකකරු අත්අඩංගුවට ගන්නා විට ඔහු සන්තකයේ තිබී T56 වර්ගයේ ගිණිඅවි සදහා යොදන හිස් මැගසින් 16 ක්, කේරල ගංජා කිලෝ ග්‍රෑම් 03 යි ග්‍රෑම් 416 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 40 ක් සොයා ගත් බව දෙහිවල පොලිසිය පැවසීය.

පොලිස් නිලධාරීන් විසින් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී, සැකකරු රැදී සිටි නිවස පිටුපස කොටසේ කලු පැහැති බෑගයක දමා සගවා තිබූ මත්ද්‍රව්‍ය තොගයක්ද හමු වූ බව පොලිසිය කියයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...