ගෝඨාගේ කුමන්ත්‍රණය වාර්තාවක් තියයි!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 11, කොළඹ (LNW):හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත , ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය මැයෙන් ග්‍රන්ථයේ පළමු මුද්‍රණය දින තුනක් ඇතුළත සම්පූර්ණයෙන්ම අලෙවි වී ඇති බව වාර්තා වේ.

මෙම කෘතිය ඉකුත් 7 වැනිදා එළි දැක්වුණු අතර ඊයේ (10) වන විට එම කෘතිය විකිණී අවසන්ව ඇති බව පැවසේ.

විජිත යාපා පොත් ප්‍රකාශන ආයතනයේ සභාපති විජිත යාපා මහතා පවසන්නේ, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, දේශපාලනඥයන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන් පොත්සල්වලින් මෙම ග්‍රන්ථය මිල දී ගෙන ඇති බවත් එයින් වැඩි පිරිස දේශපාලනඥයන් බවයි.

ඒ මහතා සඳහන් කරන්නේ, මෙම පොත මිල දී ගැනීමට රටපුරා පොත්හල්වලින් විශාල වශයෙන් ඇණවුම් ලැබී ඇති බවත්න්, එම ග්‍රන්ථය මුද්‍රණය කෙරුණු පසු තවත් තොගයක් බෙදා හැරීම සඳහා රැගෙන එන බවයි.

එම ග්‍රන්ථය ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා දෙකෙන්ම ලබා ගැනීමට හැකි වන පරිදි මුද්‍රණය කර තිබෙන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...