කෙහෙළියගේ GI බට නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේපයි. නඩුව විභාගයට !

Date:

2014 වසරේදී ජනමාධ්‍ය අමාත්‍යවරයාව සිටියදී රූපවාහිනී සංස්ථාවට ජී. අයි. බට 600ක් මිලදී ගැනීම තුළින් රුපියල් ලක්ෂ 10කට ආසන්න පාඩුවක් සිදුකළ බවට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව පවත්වාගෙන යාමට නොහැකි බව පවසමින් ඒ මහතාගේ නීතීඥවරුන් ගොනු කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය අද (12) තීන්දු කළේය.

ඒ අනුව, නඩුව විභාගයට ගැනීමට තීන්දු කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නඩුව අප්‍රේල් 04 වනදා යළි කැඳවීමට නියෝග කළ අතර නඩු විභාග කිරීමේ දිනය එදින ප්‍රකාශයට පත්කරන බව දැනුම් දුන්නේය.

014 නොවැම්බර් මස 25 වැනිදා හෝ ඊට ආසන්න දිනයක පළමු විත්තිකරු ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී රූපවාහිනි සංස්ථාවට අත්‍යවශ්‍ය නොවන මොහොතක එහි ප්‍රවර්ධන වැඩසටහනකට යැයි පවසමින් රුපියල් 990,000/-ක මුදලක් වැය කොට රූපවාහිනි සංස්ථාවට ජී අයි බට 600 මිලදී ගෙන රජයට පාඩු සිදු කළ කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ කටයුතු කිරීම මඟින් අල්ලස් පනතේ ‘දූෂණය’ නමැති වරද කළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මෙම නඩුව ගොනුකර තිබේ.

කෙහෙළිය රඹුක්වැල්ලට අමතරව 2014 වසරේදී රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ චන්ද්‍රපාල ලියනගේ හා එහි හිටපු සභාපති විමලසේන රූබසිංහ යන අය මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...

කාශ්මීරයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වන විට...

අදින් අවසන් වන GEM CITY ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: GEM CITY ජාත්‍යන්තර මැණික්...