මට්ටක්කුලියේ වෙඩිතැබීමක්

මට්ටක්කුලිය, අලිවත්ත ප්‍රදේශයේදී ඊයේ (12) සවස වෙඩිතැබීමක් සිදුව තිබේ.

ඊයේ සවස 05.30 ට පමණ අලිවත්ත ප්‍රදේශයේ නිවසකට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණේ එම නිවසේ සිටි තරුණයකු ඉලක්ක කරගනිමිනි.

කෙසේවෙතත් අදාළ තරුණයා එම වෙඩි ප්‍රහාරයෙන් බේරී ඇති අතර වෙඩික්කරුවන් පළාගොස් ඇත.

RN