ඕලක්ට් විද්‍යාල සහය දිවීමේ සූරතා මාතර රාහුලට සහ පන්නිපිටිය ධර්මපාලයට

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 14, කොළඹ (LNW):ශ්‍රීමත් හෙනර් ඕල්කටි විසින් ඉදිකරන ලද විදුහල් පද්ධතියේ සහභාගීත්වයෙන් එම විද්‍යාල අතර පැවති සහය දිවීමේ තරගාවලියක් මාතර කොටුවිල ක්‍රීඩාංගණයෙදි පැවත්වුණා.එහිදී බාලක සහය දිවීමේ සූරතාවය දිනා ගන්නට මාතර රාහුල විද්‍යාලය සමත් වූ අතර බාලිකා සූරතාවය දිනා ගනු ලැබුවේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය මලල ක්‍රීඩිකා කණ්ඩායමයි.
රාහුල විද්‍යාලය ලකුණු 98 ක් සහිතව සමස්ථ බාලක සූරතාවය දිනා ගනිද්දී අනු සූරතාවය දිනා ගනු ලැබුවේ ලකුණු 48 ක් ලැබූ මහනුවර ධර්මරාජ විද්‍යාලය යි.බාලිකා සූරතාවය දිනූ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ලකුණු 90 ක් ගබා ගත්තා.ලකුණු 67 ක් ලැබූ කොළම මියුසියස් විද්‍යාලය බාලිකා අනු සූරතාවය දිනා ගත්තා.


රාහුල විද්‍යාලයේ සහය දිවීමේ කණ්ඩායම සමස්ත සූරතාවයට අමතරව අවුරුදු 12 න් පහළ,අවුරුදු 18 න් පහළ සහ අවුරුදු 20 න් පහළ සහය දිවීම් සූරතා දිනා ගන්නට ද සමත් වුණා.බාලක අංශයේ අවුරුදු 14 න් පහළ සූරතාවය දිනා ගත්තේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය වූ අතර අවුරුදු 16 න් පහළ සූරතාවය මහනුවර ධර්මරාජ විද්‍යාලය විසින් දිනා ගත්තා.


බාලිකා අංශයේ වයස් ඛාණ්ඩ සූරතා අතරින් අවුරුදු 28 න් පහළ සහ 20 න් පහළ සූරතාවන් සඳහා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හිමිකම් කියනු ලැබුවා.අවුරුදු 16 න් පහළ සූරතාවය ධර්මපාලය සහ මියුසියස් බාලකා විද්‍යාලය සමව බෙදා ගත් අතර අවුරුදු 14 න් පහළ සූරතාවයට තනිව හිමිකම් කියන්නට මියුසියස් විද්‍යාලය සමත් වුණා.අවුරුදු 12 න් පහළ සූරතාව දිනා ගනු ලැබුවේ මාතර සුජාතා බාලිකා විද්‍යාල කණ්ඩායමයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා පිතිකාරිනියන් ඉන්දියාවට කඩුලු අටකින් දිනන්නට මාවත සකස් කර දෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: ශ්‍රි ලංකාවේ විස්සයි විස්ස...

Emily in Paris නවතම කතා මාලාවෙහි එක් තැනක, ශ්‍රී ලංකාව ගැනත් කතා බහක්!

සටහන – පුලී දෙසැම්බර් 22, කොළඹ (LNW):  Emily in Paris යනු නෙට්ෆ්ලික්ස් සඳහා...