ඕලක්ට් විද්‍යාල සහය දිවීමේ සූරතා මාතර රාහුලට සහ පන්නිපිටිය ධර්මපාලයට

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 14, කොළඹ (LNW):ශ්‍රීමත් හෙනර් ඕල්කටි විසින් ඉදිකරන ලද විදුහල් පද්ධතියේ සහභාගීත්වයෙන් එම විද්‍යාල අතර පැවති සහය දිවීමේ තරගාවලියක් මාතර කොටුවිල ක්‍රීඩාංගණයෙදි පැවත්වුණා.එහිදී බාලක සහය දිවීමේ සූරතාවය දිනා ගන්නට මාතර රාහුල විද්‍යාලය සමත් වූ අතර බාලිකා සූරතාවය දිනා ගනු ලැබුවේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය මලල ක්‍රීඩිකා කණ්ඩායමයි.
රාහුල විද්‍යාලය ලකුණු 98 ක් සහිතව සමස්ථ බාලක සූරතාවය දිනා ගනිද්දී අනු සූරතාවය දිනා ගනු ලැබුවේ ලකුණු 48 ක් ලැබූ මහනුවර ධර්මරාජ විද්‍යාලය යි.බාලිකා සූරතාවය දිනූ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ලකුණු 90 ක් ගබා ගත්තා.ලකුණු 67 ක් ලැබූ කොළම මියුසියස් විද්‍යාලය බාලිකා අනු සූරතාවය දිනා ගත්තා.


රාහුල විද්‍යාලයේ සහය දිවීමේ කණ්ඩායම සමස්ත සූරතාවයට අමතරව අවුරුදු 12 න් පහළ,අවුරුදු 18 න් පහළ සහ අවුරුදු 20 න් පහළ සහය දිවීම් සූරතා දිනා ගන්නට ද සමත් වුණා.බාලක අංශයේ අවුරුදු 14 න් පහළ සූරතාවය දිනා ගත්තේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය වූ අතර අවුරුදු 16 න් පහළ සූරතාවය මහනුවර ධර්මරාජ විද්‍යාලය විසින් දිනා ගත්තා.


බාලිකා අංශයේ වයස් ඛාණ්ඩ සූරතා අතරින් අවුරුදු 28 න් පහළ සහ 20 න් පහළ සූරතාවන් සඳහා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හිමිකම් කියනු ලැබුවා.අවුරුදු 16 න් පහළ සූරතාවය ධර්මපාලය සහ මියුසියස් බාලකා විද්‍යාලය සමව බෙදා ගත් අතර අවුරුදු 14 න් පහළ සූරතාවයට තනිව හිමිකම් කියන්නට මියුසියස් විද්‍යාලය සමත් වුණා.අවුරුදු 12 න් පහළ සූරතාව දිනා ගනු ලැබුවේ මාතර සුජාතා බාලිකා විද්‍යාල කණ්ඩායමයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අණ නොතකා ධාවනය කිරීම : පොලිස් වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයකු මරුට

පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය එල්ල...

කලකට පෙර ෂර්ලොක් හෝම්ස්ලා හෙට අලිබබා සහ හොරු හතළිහ වෙයිද ?

මාළිමා ආන්ඩුවේ හොරු අල්ලන ප්‍රොජෙක්ට් එක නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට...

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...