රටවල් 6කට චීනයෙන් වීසා රහිත පහසුකම්!

Date:

කොළඹ LNW:ස්විට්සර්ලන්තය, අයර්ලන්තය, හංගේරියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම සහ ලක්සම්බර්ග් යන රටවල් හයෙහි සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර ඇති පුද්ගලයන් සඳහා, චීනය අද (14) සිට වීසා නිදහස් කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

මාර්තු පළමු වැනිදා චීන-තායිලන්ත අන්‍යෝන්‍ය වීසා නිදහස් කිරීමේ ගිවිසුම නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමෙන් පසු, චීනයේ වීසා රහිත රටවල් සංඛ්‍යාව යළිත් පුළුල්කිරීමක් ලෙසට මෙය සැලකෙයි.

අදාළ ප්‍රතිපත්තිවලට අනුව,මෙම වසරේ මාර්තු 14 සිට නොවැම්බර් 30වැනිදා අතර කාලය තුළ, ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් 6ක සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින්ට ව්‍යාපාර,සංචාර,නෑදෑ හිතවතුන් බැලීම සඳහා දින 15කට නොවැඩි කාලයක් වෙනුවෙන් චීනයට පැමිණීමේදී,වීසා අයදුම් කිරීමට අවශ්‍ය නොවේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඳුකරයේ ගොවීන් 241කට ගොවි විශ්‍රාම රක්ෂණ හිමිකම ලැබෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වතුකරයේ ගොවීන් 241 දෙනෙකුට ගොවි විශ්‍රාම රක්ෂණ...

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : කාලගුණ විද්‍යා...

ට්‍රම්ප් නේටෝවෙන් ඉවත්වීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර වලට හිස්බුල්ලා ප්‍රතිප්‍රහාර එල්ල කරයි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය සහ හිස්බුල්ලා...