අවසන් ගමන් ගිය අවසන් සීබ්‍රා!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 14,, කොළඹ (LNW): රිදියගම සෆාරි උද්‍යානයේ සිට අභිජනන කටයුත්තක් සඳහා දෙහිවල ජාතික සත්වෝද්‍යානයට සීබ්‍රාව රැගෙන ඒමෙන් අනතුරුව, මෙරට සිටි අවසන් පිරිමි සීබ්‍රා මියගොස් ඇති බව දෙහිවල ජාතික සත්වෝද්‍යානය කියා සිටී.

එම සත්වයාව රැගෙන ඒමේදී ලබා දුන් අධි මාත්‍රා එන්නත හේතුවෙන් මෙලෙස මියගොස් ඇති බව, දෙහිවල සත්වෝද්‍යානයේ සේවකයින් චෝදනා කරයි.