පුටින්ගෙන් සැර ප්‍රකාශයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 14,, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):රුසියාවේ න්‍යෂ්ටික අවි ගබඩාව ඇගැයීමට ලක් කරමින් , රුසියාවේ ස්වෛරීත්වයට තර්ජනයක් වන ඕනෑම අවස්ථාවක න්‍යෂ්ටික අවි ස්ථානගත කිරීමට සූදානම් බව ජනාධිපති ව්ලැදිමිර් පුටින් ප්‍රකාශ කර ඇතැයි මොස්කව් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.

ඔහු මේ අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ රුසියාවේ මැතිවරණයට දින කිහිපයක් ඉතිරිව තිබියදී වීම විශේෂත්වයකි. ඉදිරි වසර 6කට නැවත ජනාධිපති ධුරයේ රැඳී සිටීම ඔහුගේ අරමුණ වී ඇතැයි ද මොස්කව් ටයිම්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

රුසියාවේ න්‍යෂ්ටික තාක්ෂණය අමෙරිකාවේ න්‍යෂ්ටික තාක්ෂණයට වඩා උසස් මට්ටමක පවතින බව සඳහන් කර ඇති පුටින් රුසියාවේ ස්වාධීනත්වය සම්බන්ධ අර්බුදයකදී න්‍යෂ්ටික අවි ඇතුළු ඕනෑම ආයුධයක් භාවිත කිරීමට සූදානම් බව ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...