හලෝ සාගර, දැං මොකද කියන්නෙ ? – උදය ගම්මන්පිල

Date:

තමා බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී මීට පෙර ඉතා සුළු ගණනකින් ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කළ අවස්ථාවේදී පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රසිද්ධ මාධ්‍ය හමු පවත්වමින් බලශක්ති අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු යැයි ප්‍රකාශ කළ බව හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

කෙසේ නමුත් පසුගියදා ඩීසල් හා පෙට්‍රල් හැත්තෑ ගණන්වලින්, පනස් ගණන්වලින් එකවර ඉහළ දමද්දී කිසිදු ජනතා නියෝජිතයෙකු බලශක්ති ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බැයි බලකරමින් මාධ්‍ය හමු නොපවත්වන බවද ගම්මන්පිල මහතා සඳහන් කරනවා.

එදා තමාට ඉල්ලා අස්වන්නැයි බලකර කියා සිටි පොහොට්ටු ලේකම් සාගර කාරියවසම් මහතා ජීවතුන් අතර සිටියේ නම් අද කොපමණ කලබලයක් සිදු කරන්නට ඉඩ තිබුණේදැයි සිතාගත නොහැකි බවද උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරනවා.

එදා සුළු ගණනකින් ඉන්ධන මිල ඉහළ යද්දී ඇමතිවරයාට ඉල්ලා අස් වන්නැයි බලකිරීම හා අද විශාල ප්‍රමාණයකින් මිල ඉහළ යද්දී එවැනි කිසිදු බලකිරීමක් නොකිරීම හරහා එදා සාගර කාරියවසම් මහතාගේ කටින් පැන්නේ කාගේ වුවමනාවදැයි හොඳටම පැහැදිලි බවද ඔහු වැඩිදුරටත් පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 30) දිනයේදී උතුර, නැගෙනහිර,...

දිවයින පුරා විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන සවිකර දෙන්නැයි ඇමති විජිත චීනයෙන් ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල චීනය ඇතුළු ලෝක රථවාහන වෙළඳපලෙන් ශ්‍රී...

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...