මේක අපේ ආණ්ඩුවක්ද කියලා අපටත් සමහර වෙලාවට සැකයි ! – බැසිල් හතර රියන් සහ දෙරියන් සිහි කරයි

Date:

වත්මන් ආණ්ඩුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බහුතරයගේ සහාය මත ක්‍රියාත්මක වුවත් එහි කැබිනට් ඇමති ධුර ලැබී ඇත්තේ පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයින් හතර දෙනෙකුට පමණක් බවත් ඒ අනුව මෙය පොහොට්ටුවේ ආණ්ඩුවක් ලෙස හැඳින්විය හැකිද යන ප්‍රශ්නය තමන්ටත් මතුවන බවත් එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

“අද කැබිනට් මණ්ඩලයේ ඉන්න ඇමතිවරුන්ගෙන් බොහොම කීපදෙනයි මේ පොහොට්ටුවේ සංවිධානවලට, පොහොට්ටු කාර්යාලයට එන්නෙ. මාතර දිස්ත්‍රික් නායකයා ඉන්නවා, ගාල්ලෙ දිස්ත්‍රික් නායකයා ඉන්නවා, ගම්පහ දිස්ත්‍රික් නායකයා ඉන්නවා, රත්නපුරේ දිස්ත්‍රික් නායිකාව ඉන්නවා. එතකොට කෙහෙළියත් අපට හිටියා, දැන් එයාටත් ඇමතිකම නෑ. ඊට අමතරව තව එක ඇමතිවරයෙක් ඉන්නවා, එයා දිස්ත්‍රික් නායකයෙක් නෙවෙයි. ඉතින් ඒ වගේ හින්දා හුඟාක් කට්ටිය හිතුවාට මේක අපේ ආණ්ඩුවක් කියලා, අපට තියෙන්නෙ අර එළදෙනගෙ ඉස්සරහා කෑල්ල විතරයි. පස්ස කෑල්ල තියෙන්නෙ වෙන තැනක. මේක අපේ ආණ්ඩුවක්ද කියලා අපටත් සමහර වෙලාවට සැකයි. මම මේ බොහොම අවංකව කියන්නෙ. අද අපේ දිස්ත්‍රික් නායකයො – උදාහරණයකට අනුරාධපුර දිස්ත්‍රික්කය, උතුරු මැද පළාතෙන්ම අපේ ඇමතිවරයෙක් නෑ. නැගෙනහිර පළාතෙම අපේ ඇමතිවරයෙක් නෑ. ඌව පළාතේ අපෙ ඇමතිවරයෙක් නෑ. වයඹ පළාතෙ පුත්තලම, කුරුණෑගල දෙකේම අපේ ඇමතිවරයෙක් නෑ. මධ්‍යම පළාතෙත් දැන් අපේ ඇමතිවරයෙක් නෑ. ඉතින් ඔබතුමාලා කියනවා අපේ ආණ්ඩුවක් කියලා. හැබැයි අපේ ආණ්ඩුවක් නම් පළාත් නවයෙන් පහකම – ඒ කියන්නෙ අපේ මන්ත්‍රීවරු බහුතරයක් ඉන්න පළාත් පහකම. මොකද උතුරෙත් අපේ නැහැ. එහෙම වුණොත් පහට අමතරවත් තියෙනවා – අපේ මන්ත්‍රීවරු බහුතරයක් ඉන්න පළාත් පහකම ඇමති ධුරයක් නෑ. ඉතින් කොහොමද ඔබතුමාලා කියන්නෙ අපේ ආණ්ඩුවක් කියලා ?”

බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ සිරස රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...