රත්මලාන නෑසෙන දරුවන්ට ලැබූණු වෑහෙන ක්‍රිකට් ආදරය

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 15, කොළඹ (LNW): දියුණු ලෝකය මිනිසුන්ගේ ආබාධයේ ස්වභාවය මත වර්ග කර අමතන්නේ නැත.සියලුම දෙනා වෙනුවෙන් පොඳුවේ කියන නමකි.ඒ වෙනස් අවශ්‍යයතා සහිත පුද්ගලයින් යන්නයි.එහෙත් වෙනස්භාවය විශේෂ කොට සළකා ඔවුන්ට සමාජයේ සම අවස්ථා දිනා ගැනීමට හුරු කරන විශේෂ අධ්‍යාපන ආයතන වේ.රත්මලානේ තිබෙන ශ්‍රවණාබාධිතයන් සඳහා අධ්‍යාපනය ලබා දෙන පාසල ද එවැන්නකි.


එහෙත් සමාජයේ නොදියුණු බවට හොඳම උදාහරණයක් පෙන්වමින් අදත් ඒ මග යන පොදු ප්‍රවාහන සේවාවන් වල කොන්දොස්තරවරු මෙන්ම රියැදුරන් ද,ඊට යාබඳව තිබෙන කිසිඳු රාජ්‍ය ආයතනයක නමක් නොකියා ගොළු මඩම බහින්න කියන වචන අපට හොඳට හුරුය.මඩම කියන වචනය යම් ආකාරයක අසරණවීම හගවන පදයකි.සමාජයට හිතන්න පුරුදු කර තිබෙන්නේ වෙනසක් ගැන ඒ ආකාරයටය.එය අවශ්‍යයතාවයන් වෙනස් සාමාන්‍ය මිනිසෙකුගේ තත්ත්වය බව ඒත්තු නොගැනීමම මේ සමාජයේ දියුණු නැතිකමේ ලක්ෂණයකි.දෙයක් දෙන විට වැඳ වැටී ලබා ගැනීම අපට හුරු කර තිබෙන නරක පුරුද්දක්ය.හැකියාවට දෙයක් ලැබෙන විට ද දෙන පුද්ගලයාට වැද වැටීමෙන් ප්‍රභූවරුන් ගේ කුමන තීරණයකට හෝ එරෙහිව යා නොහැකි ආකාරයට මනස සකස් කිරීමට නොහැකි තත්ත්වයට සිතුවිලි සැකසීමත් සිඳු වන්නේය.


මේ සියල්ල අතර රත්මලාන ශ්‍රවණාබාධිත විශේෂ පාසලට සිය හැකියාවන් සඳහා සම අවස්ථාවක් දිනා ගැනීම සඳහා වන පරිත්‍යාගයක් සිඳු විණි.ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ය.ඒ එහි සිසුන්ට ලෙදර් බෝල් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්නට පැති විකට්ටුවක් පිරිනැමිමය.මෙහි එම අවස්ථාවට අදාළ ඡායාරූපමය සටහන් සහ වීඩියෝ දර්ශනයක් ද ඇතුළත් කර ඇත.


වීඩියෝ දර්ශනයට
https://www.youtube.com/watch?v=KyQkRemSO_U

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...