ඔලිම්පික් කාන්තාව 2.2% සිට 50% දක්වා පැමිණීම

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 15, කොළඹ (LNW): දියුණු වෙනවා කියන අරුත විද්‍යාත්මකව මිනිසා කියවා ගැනීමේම කොටසකි.මිනිසුන් ජාති වශයෙන් ආගමික වශයෙන් කුල වශයෙන් බෙදීමේ මිත්‍යාව මේ වන විට උගත් ලෝකය කියවා ගෙන සිටියි.එහෙත් දේශපාලකයෝ විසින් සියලු මිනිසුන් සමාන සේ දකින විද්‍යාත්මක ක්‍රමවේදයේ ඇති තතු හකුළති.තව දුරටත් වෛරය බෝ කර,ගැටුම් වර්ධනය කරති.මේ වන විට ජාත්‍යන්තර සංවිධාන අතරින් මිත්‍යාව බැහැර කරමින් විද්‍යාත්මක චින්තනයක් හරහා වැඩ කිරීමේ ප්‍රධානම සංවිධානයක් බවට පත්ව සිටින්නේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවය.
මේ වන විට ගැහැණු සහ පිරිමි ලෙස අවස්ථාවන් ලබා දීමේ දී තිබුණු අවිද්‍යාත්මක බෙදීමද හමාර කරන්නට ජාත්‍යන්තර ඔලිිම්පික් කමිටුව ක්‍රියාත්මක වී ඇත.මේ වසරේ පැරිස් ඔලිම්පික් උළෙලේ දී පිරිමි සහ කාන්තා නියෝජනය සියයට 50/50 වීමට පියවර ගෙන ඇත්තේ ඒ අනුවය.
එහෙත් නූතණ ඔලිම්පික් 1900 වර්ෂයේදී ආරම්භ වන විට එම තරග උළෙලට සහභාගි වූ ක්‍රීඩිකාවන් ගණන ප්‍රතිශතයක් ලෙස සියයට 2.2 කි.ඒ මොහොත වන විට ලෝකය පිරිමි සහ කාන්තාවන් අතර තබා තිබූ පරතරයේ ඒ කියවීමේ සිට ලෝකය මේ මොහොත දක්වා එන්න ගමන් කර ඇති කාලය වසර 124 කි.එය ලෝකය සංකල්පමය වශයෙන් දරා සිටින මිත්‍යාවන්වලින්,වැරදි තීන්දු සහ තීරණවලින් මුදවා ගැනීම සඳහා කොයිතරම් අපහසුවෙන්,කැපවීමෙන් සහ ඉවසීමෙන් වැඩ කළ යුතුද යන්න මේ දීර්ඝ කාලය විසින් අපට පහදා දෙන්නේය.


එතැන් සිට අලුත් ඉසව් හඳුන්වාදීම තවති විටෙක ඉවත් කිරීම ආදී කරුණු දැක ගැනීමට හැකි අතර හරියටම මීට වසර 100 ට පෙර ද පැරිසියේම පැවති 1924 ඔලිමිපික් උළෙලේදී ක්‍රීඩිකාවන් 135 ක් තරග කරනු දකින්නට ලැබිණි.නූතණ ඔලිමිපික් තරගාවලිය 1900 දි ආරම්භ වන විට කාන්තා ඉසව් හැටියට දකින්නට ලැබුණේ ටෙනිස්,රුවල් ඔරු සහ ගොල්ෆ් ක්‍රීඩාවන් පමණි.මලල ක්‍රීඩා වැනි අතුරු ඉසව් ගණනාවක් දැකිය හැකි ඉසව්වලදී සිඳු වුණේ වරින් වර එම ක්‍රීඩාවට ඇතුළත්වන ඉසව් එකතු වීමය.1928 දී මලල ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩා උළෙල්දී කාන්තාවන් සඳහා විවෘත වූ අතර කාන්තාවන්ට එහිදී ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබ ඇත්තේ මිටර් 100,මීටර් 800,මීටර් 100 සහය දිවීම,උස පැනීම සහ කවපෙත්ත විසී කිරිම පමණි.
වරින් වර මලල ක්‍රීඩා ඉසව්වල දොරටු කාන්තාවන්ට විවර වූ අතර කාන්තා මාරතන් තරගයක නියැලෙන්නට 1984 තෙක්ම බලා සිටින්නට සිඳු විය.එහිදී ලොස් ඇන්ජලීස් මැරතන් කාන්තා ඔලිමිපික් රන් පදක්කම ගෙල පළදා ගත්තේ ඇමෙරිකාවේ ජෝන් බෙනොයිටිය.වරින් වර ඉසව් එකතුවීම කාන්තා නියෝජනය වැඩි වීමට බල පෑ අතර 2020 වර්ෂයේදී ද ක්‍රීඩා පහක් කාන්තාවන්ට සහභාගි වීමට හැකි ලෙස පුළුල් කළේය.බීඑස්එක්ස් පාපැදි,කරාටේ,ස්කේට්බෝටින්ග්,සර්ෆින්ග් සහ ස්පෝර්ට්ස් ක්ලිම්බින්ග් මෙසේ අවසාන වරට 2020 දී කාන්තා සහභාගීත්වය වෙනුවෙන් විවෘත කළ ක්‍රීඩාවන්ය.

මේ වසරේදීත් යම් යම් ක්‍රීඩාවන් අභ්‍යන්තරයේ කාන්තාවන්ට මේ දක්වා නොතිබි ඉසව් විවෘත වෙනු ඇත.ක්‍රීඩා 32 න් 28 ක් ම සමානත්මතාවය සහිතව කාන්තා සහ පිරිමි ලෙස ක්‍රියාවට නැංවෙන අතර මිශ්‍ර ඉසව් ද ඇතුළත් වේ.සියයට 50 ක් වන සේ කාන්තාවන්ට සහ පිරිමින්ට බෙදෙන මෙවර ඉසව් දක්වා 1900 සිට වසර 124 ක් සියයට 2.2 සියයට 50 දක්වා කාන්තා නියෝජනය පුළුල් වීම මිනිසුන්ගේ බුද්ධිමත්කමේ වර්ධනයක් ලෙස ගත හැකිය.බෙදීම් වෙනුවට ක්‍රීඩා පිටියේ සමානත්මතාවය සහිත බැදීම පෙන්වීම විද්‍යාත්මක පසුබිමක සිඳුවීම ක්‍රීඩාවේ දියුණුව වගේම ක්‍රීඩාවේ නියැලෙන්නන්ගේ ද බුද්ධියේ සංවර්ධනය පෙන්වන කැටපතකි.විවිධ බෙදීම් හරහා තවමත් ගැටෙන රටවල් සිහිත ලෝකයක ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුව ඇති කරන බලපෑම සුළු නැත.තමන්ගේ අවිද්‍යාත්මකව මිනිසුන් බෙදා වෙන් කරන සීමාවන් ඉවත් කර ගැනීමට නොහැකිනම් ලෝකයේ කුමන බලවත් රාජ්‍යයක් වුව පිළිනොගැනීමට තරම් එඩිතරව හැසිරෙන්නට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ඇති පෞරුෂය ක්‍රීඩාවේ ජයග්‍රහණයක් නොව මානව සංහතියටම නිවැරදි මාවත පෙන්වා දීමකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...