ආණ්ඩුව කියන්නෙ ටෙස්ට් මැච් එකක්, පළවෙනි ඉනිම අසාර්ථක උනොත් දෙවනි ඉනිමෙදි ගොඩ යන්න පුලුවන් – ඩිලාන්

Date:

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමට ඉඩ නොදී ස්ථාවර මට්ටමක තබා ගනිද්දී රුපියල පා කරන්නැයි ප්‍රකාශ කළ විරුද්ධ පක්ෂය, දැන රුපියල පාවීමට ඉඩ හැර තිබියදී බඩුමිල ඉහළ යන බව පවසමින් චෝදනා එල්ල කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

සියලු ගැටලු මතුව තිබෙන්නේ ඩොලර් අර්බුදය හේතුවෙන් බව පෙන්වා දෙන ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා පවසන්නේ සියලු දෙනා එම තත්වය අවබෝධ කරගත යුතු බවයි. මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවට යාම ඉතා නිවැරදි බවත්, ප්‍රමාද වී හෝ එම තීරණය ගැනීමට ආණ්ඩුව කටයුතු කිරීම හොඳ දෙයක් බවත් මන්ත්‍රීවරයා පවසයි.

ආණ්ඩුව තුළ තිබෙන වැරදි, අර්බුද හඳුනාගෙන රට ගොඩනගමින් ඉදිරියට යාමට ආණ්ඩුවට තවමත් අවස්ථාව තිබෙන බවත්, 1977 සහ 2015 සිදු වූ සිදුවීම් මතකයේ තබාගෙන තීන්දු තීරණ ගන්නේ නම් ආණ්ඩුවටත් රටටත් යහපත් වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

ආණ්ඩුවක් ගෙනයෑම 20/20 හෝ එක්දින මැච් එකක් නොව ටෙස්ට් මැච් එකක් බව පෙන්වා දෙන ඩිලාන් පෙරේරා මහතා පවසන්නේ පළමු ඉනිමේදී දැක්වූ සියලු දුර්වලතා, අඩුපාඩු හඳුනාගෙන දෙවැනි ඉනිමේදී පන්දුවට පහර දෙන්නේ නම් තරගය ජයග්‍රාහීව අවසන් කළහැකි බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...

2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...