සටහන – රෂිකා හෙන්නායක
මාර්තු 16, කොළඹ (LNW):පවතින වියළි කාලගුණික තත්ත්වය මත ඇති විය හැකි ඕනෑම ආපදා තත්ත්වයකට මුහුණ දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූදානම් බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා කියා සිටී.
කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුවේ පුරෝකථනවලට අනුව මාර්තු මස අග භාගයේදී හා අප්‍රේල් මාසයේ වර්ෂාව ලැබෙන බව දැනුම් දී තිබුණ ද, එම වර්ෂාපතනයන් හි යම් කිසි අඩුවක් සිදුවුවහොත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් ඒ සඳහා පූර්ව සැලසුම් යොදා ඇති බවත්, දිසාපති කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේද සහය ඇතිව ජනතාව වෙත ඇති විය හැකි සෑම අපහසුතාවයකටම, ආපදාවකටම විකල්ප පහසුකම් සැපයීමට නිරතුරුවම සුදානමින් සිටින බවද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.
කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තු විසින් ලබාදී ඇති තොරතුරු අනුව උෂ්ණත්වය වැඩි පළාත් වශයෙන් උතුරු මැද, වයඹ, බස්නාහිර, සබරගමුව හා දකුණු පළාත් හඳුනාගෙන ඇති බවත්, පවතින වියළි කාලගුණික තත්ත්වය මත පාසල් දරුවන්ගේ සෞඛ්‍යය ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කර ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
රාජ්‍ය ඇමැතිවරයා තව දුරටත් කියා සිටියේ, දැඩි හිරු රශ්මියක් පවතින උෂ්ණාධික පළාත්වල පානිය ජලය අඩු ප්‍රදේශ හඳුනාගැනීමටත්, එම ප්‍රදේශ සඳහා ජල සැපයුම විධිමත් ආකාරයෙන් ලබාදීමටත් ආපදා සහන සේවා මධ්‍යස්ථාන සුදානම්ව සිටින බවත්, ඒ සඳහා පෙර සුදානමක් හා වැඩපිළිවෙළක් තිබෙන බවත් ය.
ජල මුලාශ්‍ර වල ලවණතාවය පිළිබඳව සැලකිලිමත් වී ලවණතාව බහුල ප්‍රදේශ වෙත ප්‍රමුඛතාව මත ජලසම්පාදන මණ්ඩලය සමග සාකච්ඡා කර, ඒ හරහා පානිය ජලය ලබාදීමට ක්‍රියාකරන බව ඒ මහතා අවධාරණය කළ අතර, පවතින වියළි කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවේ දී රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.