දසතින් රුසියාවට සම්බාධක පැනවෙද්දී ඉන්දියාව රුසියාවෙන් සහන මිලට තෙල් ගන්න සූදානමින්!

Date:

යුක්රේන ආක්‍රමණයට විරෝධය පළ කිරීම සඳහා ලොවපුරා බොහෝ රටවල් රුසියාවට එරෙහිව සම්බාධක පනවා ඇති අතර රුසියව‍ෙන් බොරතලේ හා ගෑස් ඇතුළු ස්වභාවික වායු ආනයනය කිරීමද අත්හිටුවා තිබෙනවා. මේ වනවිට ලෝක ව්‍යාප්ත සමාගම් සිය ගණනක් රුසියාව තුළ සිය ව්‍යාපාරික මෙහෙයුම් අත්හිටුවා තිබේ.

එසේ තිබියදී ඉන්දියාව රුසියාවෙන් බොරතෙල් ආනයනය කිරීමට සූදානම් වන බව ජාත්‍යන්තර රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ඉන්දියානු රුපියල් සහ රූබල් හුවමාරු ගිවිසුමක් යටතේ මෙම මිලදී ගැනීම සිදුවන අතර සහන මිලට බොරතෙල් සැපයීමට රුසියාව එකඟතාවය පළකර ඇති බවයි වාර්තා වන්නේ.

ලොව ප්‍රමුඛතම බොරතෙල් නිෂ්පාදකයෙකු වන රුසියාව මේ වනවිට සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමේ අර්බුදයකට මුහුණ දී සිටී. එවැනි අර්බුදයක සිටින රුසියාවට ඉන්දියාව වැනි වෙළඳපොලක් හිමි වීම රුසියාවට දැඩි සහනයක් වනු ඇත.

ඉන්දියාව සිය ඉන්ධන අවශ්‍යතාවයෙන් 80% ක් පමණ ආනයනය කරන අතර ඉන් රුසියාවෙන් ආනයනය කරන ප්‍රමාණය 02% – 03% අතර ප්‍රමාණයකි. කෙසේ නමුත් නව ගිවිසුම අනුව ඉන්දියාව ආනයනය කරන බොරතෙල්වලින් 40% ක් සැපයීමට රුසියාවට අවස්ථාව හිමි වනු ඇත.

මේ සම්බන්ධයෙන් ලොවපුරා රටවල් රැසකින් ඉන්දියාවට විරෝධය එල්ලවීමට ඉඩ තිබේ. මීට පෙර රුසියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේදී ඉන්දියාව ඊට ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටි අතර ඉන් අනතුරුව බොහෝ රටවල් ප්‍රකාශ කළේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සෘජු තීරණයකට පැමිණ, තමන් සිටගන්නේ යුක්රේනය සමගද එසේ නැතහොත් රුසියාව සමගද යන්න ප්‍රකාශ කළයුතු බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවට බලය හිමි පදියතලාව ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි !

ජාතික ජන බලවේගයට බලය හිමි පදියතලාව ප්‍රාදේශිය සභාවේ අයවැයත්...

පාඩුයි පාඩුයි පාඩුයි – මරික්කාර්ට ඔක්කොම පාඩුයි!

කොළඹ LNW:පසුගිය වසරේ ලාභ ඉපයූ රජයේ සමාගම් මේ වසරේදී...

ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව න්‍යෂ්ටික සබ්මැරීන නිශ්පාදනයෙන් ‘ඉදිරියට යාමට’ සූදානම්….

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක...

හසීනාගේ පක්ෂයේ විරෝධතා මර්දන නඩු විභාගය අවසන්වීමටත් පෙර බංග්ලාදේශයේ ප්‍රචණ්ඩත්වය යළිත්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බලයෙන් පහ කරන...