වෙළෙඳ නෞකා­ව­කට හවුති මිස­යිල ප්‍රහා­ර­යක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 16 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙළෙඳ නෞකා­ව­කට , යේම­න­යට ඔබ්බෙන් මුහුදු තීර­යේදී එල්ල වූ හවුති මිස­යිල ප්‍රහා­ර­ය­කින් හානි සිදු වී ඇතැයි සමුද්‍ර ආර­ක්ෂක නිරී­ක්ෂ­ක­යන් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

එම වෙළෙඳ නෞකාවේ කාර්ය මණ්ඩ­ල­යට කිසිදු අන­තු­රක් සිදු නොවීම හේතු­වෙන් නෞකාව අඛ­ණ්ඩව යාත්‍රා කළ බව ද වාර්තා වන අතර ඊශ්‍රා­ය­ල­යට සම්බන්ධ කිසිදු නෞකා­ව­කට ඉන්දීය සාග­රය හරහා යාත්‍රා කිරී­මට ඉඩ නොත­බන බව හවුති කැර­ලි­ක­රු­වන් ප්‍රකාශ කර ඇත.

විදෙස් මාධ්‍ය සඳ­හන් කළේ, ඉදි­රි­යේදී තව­දු­ර­ටත් එම ප්‍රහාර පුළුල් කරන බවට අන­තුරු අඟවා ඇති බවයි. .

මේ මස මුල් භාග­යේදී හවුති කැර­ලි­ක­රු­වන්ගේ මිස­යිල ප්‍රහා­ර­ය­කින් ඒඩ්න් මුහුදු තීර­යේදි වෙළෙඳ නෞකා­වක් ගිනි­බත් විය, එහිදී කාර්ය මණ්ඩ­ලයේ සාමා­ජි­ක­යන් තිදෙ­නකු ජීවි­ත­ක්ෂ­යට පත් වී තිබුණු අතර කාර්ය මණ්ඩ­ලයේ සෙසු සාමා­ජි­ක­යන් දිවි බේරා ගනු ලැබුවේ නෞකාව අත­හැර පලා යෑමෙන් බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...