ඩොලරය අත හැරීමත් සමඟ ප්‍රේෂණ 400%කින් ඉහළට!

Date:

ගෙවුණු සතිය තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් 400%කින් ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකු ආරංචි මාර්ග පවසයි.

පසුගිය සතියේ සිට ඩොලරය පාවෙන්නට ඉඩ හැරීම තුළ මෙම ප්‍රතිලාභය අත් වී තිබෙන බවයි මහ බැංකු ආරංචි මාර්ග කියා සිටියේ.

ඒ අනුව මුදල අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතාත් මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතාත් විවිධ විවේචන මැද ඩොලරය පාවෙන්නට ඉඩ හැරීමට ගත් තීරණයේ ප්‍රතිලාභ ඉතා කඩිනමින් ලැබෙමින් පවතින බවත් එය රටේ ආර්ථිකයට ඉතා යහපත් ලෙස බලපානු ඇති බවටත් විශ්වාසය පළකරන බවයි එම ආරංචි මාර්ග පවසන්නේ.

එලෙස ප්‍රේෂණ 400%කින් ඉහළ ගොස් තිබෙන බව මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ ආරංචි මාර්ගද ලංකා නිවුස් වෙබ් වෙත තහවුරු කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හසීනාගේ පක්ෂයේ විරෝධතා මර්දන නඩු විභාගය අවසන්වීමටත් පෙර බංග්ලාදේශයේ ප්‍රචණ්ඩත්වය යළිත්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බලයෙන් පහ කරන...

සුවසැරිය ගිලන් රථ 500ක බලඇණියක් කිරීමට සැලසුම්!

කොළඹ LNW:නවීන තාක්ෂණය මුසුකොට සුවසැරිය ගිලන් රථ බලඇණිය 500ක්...

කුඩා හා මධ්‍යම පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් වැසෙන ලකුණු ?

හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් රජයේ මුදල් කාරක...

Nature’s Best Photography Awards 2025 – ඇස් දකින්න පින් කළ යුතු පරිසරයේ සුන්දරත්වය කාචයෙන්!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): සෑම වසරකම, 2025...