ඩොලරය අත හැරීමත් සමඟ ප්‍රේෂණ 400%කින් ඉහළට!

Date:

ගෙවුණු සතිය තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් 400%කින් ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකු ආරංචි මාර්ග පවසයි.

පසුගිය සතියේ සිට ඩොලරය පාවෙන්නට ඉඩ හැරීම තුළ මෙම ප්‍රතිලාභය අත් වී තිබෙන බවයි මහ බැංකු ආරංචි මාර්ග කියා සිටියේ.

ඒ අනුව මුදල අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතාත් මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතාත් විවිධ විවේචන මැද ඩොලරය පාවෙන්නට ඉඩ හැරීමට ගත් තීරණයේ ප්‍රතිලාභ ඉතා කඩිනමින් ලැබෙමින් පවතින බවත් එය රටේ ආර්ථිකයට ඉතා යහපත් ලෙස බලපානු ඇති බවටත් විශ්වාසය පළකරන බවයි එම ආරංචි මාර්ග පවසන්නේ.

එලෙස ප්‍රේෂණ 400%කින් ඉහළ ගොස් තිබෙන බව මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ ආරංචි මාර්ගද ලංකා නිවුස් වෙබ් වෙත තහවුරු කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...