මහමැතිවරණ කතාව රනිල් බැසිල්ට දෙන ටොපියක්. ජවිපෙත් දැන් කරන්නේ ඒ දෙගොල්ලන්ට ඕනෙ වැඩේ – චමින්ද

Date:

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයකට යාම පිළිබඳ කතාව ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදී ඇති බොරු බලාපොරොත්තුවක් පමණක් බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

“රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිවරයා දන්නවා දැන් එතුමාගේ ආණ්ඩුවේ හැළිය රත්වෙලා තියෙන්නෙ, එනිසා කකුළුවොන්ට දැන් දැනෙනවා රත්වෙලා එනවා, පිච්චෙනවා කියලා. නැවත රනිල් වික්‍රමසිංහ මේ රටේ බලය ගන්න හදන්නෙ ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් හරහා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය තියෙන්නෙ බැසිල් රාජපක්ෂට නෙවෙයි, ඒක තියෙන්නෙ ජනාධිපතිට. පාර්ලිමේන්තුවේ බහුතරය අරගෙන එන්න, පොහොට්ටුවේ කැමැත්ත අරගෙන එන්න කියන කාරණය රනිල් වික්‍රමසිංහ මහත්තයා බැසිල් රාජපක්ෂට දෙන ටොපියක්. ජනතා විමුක්ති පෙරමුණ ඇත්තෙන්ම මේ වෙලාවේ මේ මොහොතේ කරන්නෙ රනිල් වික්‍රමසිංහ මහත්තයාට, ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයාට අවශ්‍ය ඊළඟ දේශපාලන වැඩපිළිවෙල නිර්මාණය කරගැනීමට අවශ්‍ය මග, වැඩපිළිවෙල හදන එකයි”

චමින්ද විජේසිරි මහතා මේ බව පැවසුවේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...