මම යාල ගියේ අධ්‍යාපන වැඩකට මිස සවාරියකට නෙවෙයි – විපක්ෂ නායක සජිත්

Date:

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (14) උදෑසන යාල වනෝද්‍යානයට ගොස් තිබුණු අතර ඒ සම්බන්ධ වීඩියෝවක් ද සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයට ලක්ව තිබිණි.

බොහෝ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් සහ දේශපාලන ක්‍රියාකාරිකයින් ඊට දැඩි විවේචනාත්මක ප්‍රතිචාර දක්වමින් සටහන් තබා තිබුණේ රටේ දැඩි ආර්ථික සහ දේශපාලන අර්බුදයක් තිබියදී රටේ විපක්ෂ නායකවරයා යාල සවාරි ගසන බව කියමිනි.

ලංකා නිව්ස් වෙබ් අපි මේ පිළිබඳ කළ විමසීමකදී සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ තමන් අද දිනයේදී යාල වනෝද්‍යානයට ගියේ විනෝද චාරිකාවක් සඳහා නොව අධ්‍යාපන කටයුත්තක් සඳහා බවයි.

තමන් හදාරමින් සිටින පරිසර විද්‍යාව පිළිබඳ විද්‍යාපති (MSc) උපාධි පාඨමාලාවේ 10 වැනි අදියරෙන් 25%ක්ම ඇත්තේ ක්ෂේත්‍ර අධ්‍යන කටයුතු බව පැවසූ ඒ මහතා අවස්ථාවක් ලද මොහොතේ අද උදෑසන පැය 3ක කාලයක් එම අධ්‍යන කටයුතු සඳහා වැය කළ බවයි සඳහන් කළේ.

සබැඳි පුවත් –

http://139.59.240.222/02/28/8605/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕස්ට්‍රේලියානු රජය වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි.

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලොව ප්‍රථම...

ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති පැල් රකිමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි

ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග...

අයිස් හා හෙරොයින් සිද්ධිය: සජබ සාමාජිකයාට පක්ෂයෙන් තහනමක්!

කොළඹ LNW: දකුණු මුුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන ඊයේ (20)...

DIMO වෙත එක්වූ නටාෂා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : ඩීසල් සහ මෝටර්...