සෘජු ආයෝජන සඳහා ජනපතිගෙන් සෞදි රජයට ඇරයුම්

මෙරට ක්ෂේත්‍ර කිහිපයක සෘජු ආයෝජන සඳහා ආරාධනා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞදි අරාබිය වෙත දැනුම් දී තිබෙනවා. මෙරටට පැමිණි සෞදි අරාබි විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් කුමරු හමුවේ ජනාධිපතිවරයා මෙම ආරාධනය සිදුකර තිබේ.

සෞදි අරාබි විදේශ ඇමතිවරයා සහ ජනාධිපතිවරයා අතර හමුව අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය, තාක්ෂණික සංවර්ධනය හා වරාය නගරය ආශ්‍රිත ආයෝජන අවස්ථා නිර්මාණය වී ඇති බවත්, එම ආයෝජන අවස්ථා සඳහා සෞදි අරාබියට ආරාධනා කරන බවත් ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

ප්‍රේෂණ අඩුවීම, සංචාරක කර්මාන්තය බිඳ වැටීම, වියළි කාලගුණික තත්වය හේතුවෙන් විදුලි උත්පාදනයට එල්ල වූ බලපෑම හා මතුව ඇති ඉන්ධන අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ෆයිසාල් බින් ෆර්හාන් අල් සාව්ඩ් කුමරු ද මෙහිදී කොවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු වූ බලපෑම සම්බන්ධයෙන් අවධානය යොමු කළ අතර, තම රාජ්‍යය ද පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති බවත්, ශ්‍රී ලංකාවට ද සහාය ලබාදීමට සූදානම් බවත් පැවසීය.

දෙරට අතර අංශ ගණනාවකින් ඇති සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම කෙරෙහි ද මෙහිදී සාකච්ඡා කෙරිණ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...