*
Saturday, October 26, 2024
spot_img

Latest Posts

තමිල්නාඩු ධීවර අයිතිවාසිකම් සම්බන්ධයෙන් ස්ටාලින්ගේ විවේචනයට ලක් වූ අගමැති මෝදි!

සටහන – නිපුනි ලියනගේ

මාර්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තමිල්නාඩු මහ ඇමැති එම්.කේ. ස්ටාලින් විසින් ඉකුත් සෙනසුරාදා අගමැති නරේන්ද්‍ර මෝදි විවේචනයට භාජනය කරමින්, ගෞතම් අදානි සම්බන්ධ ව්‍යාපාරික අවශ්‍යතා දැඩි ලෙස ආරක්ෂා කිරීම හා සසඳමින් පෝක් සමුද්‍ර සන්ධියේ ඉන්දීය ධීවරයින්ගේ සාම්ප්‍රදායික ධීවර අයිතිවාසිකම් නැවත ස්ථාපිත කරන ලෙස ශ්‍රී ලංකා රජයට බලපෑම් කිරීමට පැහැදිලිවම අයිතිවාසිකමක් නොමැතිකම ප්‍රශ්න කළේය.

තමිල්නාඩු ධීවරයන්ගේ දුක්ඛිත තත්ත්වය ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (DMK) පක්ෂයේ ‘පව්’ වලට ආරෝපණය කරමින් අගමැති මෝදි විසින් මෑතකදී කරන ලද ප්‍රකාශයන් හේතුවෙන් ස්ටාලින් මෙම ප්‍රකාශය සිදු කර ඇත.

ඩෙකෑන් හෙරල්ඩ් පුවත්පත වාර්තා කළ පරිදි, මෙම ගැටළුව විසඳීම සඳහා පසුගිය දශකය තුළ මධ්‍යම රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කිරීමක් ද ඔහු ඉල්ලා තිබේ.

“ශ්‍රී ලංකාව විසින් තමිල්නාඩු ධීවරයින්ට එරෙහි හිංසන වැළැක්වීමට තම රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රශ්න කරන විට ‘විශ්ව ගුරු’ ලෙස තමා ප්‍රකාශයට පත් කරන අග්‍රාමාත්‍යවරයා නිශ්ශබ්දව සිටින්නේ මන්ද යැයි” ස්ටාලින් දැඩි ප්‍රකාශයක් නිකුත් කරමින් අවධාරණය කළේය.

පසුගිය මාර්තු 15 වන දා භාරතීය ජනතා පක්ෂයේ බලකොටුවක් වන කන්‍යාකුමාරි හි පැවති ප්‍රසිද්ධ දේශනයකදී මෝදි සිදුකළ ප්‍රකාශයෙන් අනතුරුව ස්ටාලින් අමාත්‍යවරයා ඊට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රකාශය සිදු කළ අතර, එහිදී තමිල්නාඩු ධීවරයින් මුහුණ දෙන අභියෝග DMK සහ කොංග්‍රස පාලන සමයේ දී සිදු වූ කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට ඓතිහාසික ලෙස පැවරීම හා වක්‍රව සම්බන්ධ කළේය.

ප්‍රාන්ත රජයකට ඒකපාර්ශ්විකව වෙනත් ජාතියකට භූමි ප්‍රදේශය පැවරිය හැකිය යන මතය බැහැර කරමින්, එම්. කරුණානිධිගේ නායකත්වයෙන් යුත් එවකට DMK සන්ධානය ප්‍රමුඛ ප්‍රාන්ත රජයේ විරෝධය නොතකා කච්චතිව් ශ්‍රී ලංකාවට පවරා දුන් බව ස්ටාලින් අවධාරනය කළේය.

කච්චතිව් නැවත අත්පත් කර ගැනීම සඳහා සහ තමිල්නාඩු ධීවරයින් ශ්‍රී ලංකාව විසින් සිරගත කිරීමෙන් ආරක්ෂා කිරීම සඳහා පසුගිය දශකය තුළ ගෙන ඇති උත්සාහයන් විස්තර කරන ලෙස ස්ටාලින් තමිල්නාඩු ධීවර අයිතිවාසිකම් වෙනුවෙන් තම හඬ අවධි කළේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan