සියලුම බස් ගාස්තු වැඩිකිරීමට කැබිනට් අනුමැතිය. සහන ගැනත් සාකච්ඡා … (VIDEO)

ලංකා ගමනාගමන මණ්ඩලයට සහ පෞද්ගලික බස් සේවාවට අයත් සියලුම බස් රථවල ගාස්තු ඉහළ දැමීමට ඊයේ (14) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 20ක් වන අතර සෙසු සියලුම බස් ගාස්තු 15%කින් ඉහළ නංවා ඇත.

එසේම සෙසු මගීන් ප්‍රවාහනය කරන විවිධ වර්ගවල බස් සේවාවන්ගේ ගාස්තු ද 15%කින් වැඩිකිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

මේ අතර පවතින ඩොලර් අර්බුදය සහ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ජනතාවට සහන ලබාදීම පිළිබඳව ද අමාත්‍ය මණ්ඩලයෙහි සාකච්ඡාවට භාජනය වූ අතර ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී තීන්දු ගැනීමට කටයුතු කෙරෙනු ඇති බවයි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...