(VIDEO):කථානායකතුමාගේත් අඩුපාඩු තියෙනවා – කලකට පසු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයෙන් මධ්‍යස්ථ කතාවක්!

Date:

කොළඹ LNW: පාර්ලිමේන්තුවේ පාලනය සම්බන්ධයෙන් කතානායකතුමාගේ ඇතැම් හැසිරීම් සම්බන්ධයෙන් අපිටත් ගැටළුවක් පවතින බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවේය.

ඒ, කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේ විවාදයට එක්වෙමිනි.

පාර්ලිමේන්තුවේ ඇති වී තියෙන අශෝභනකාරී තත්ත්වයට කථානායකවරයාද වගකිව යුතුවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

”මේ පාර්ලිමේන්තුවේ ඇති වී තියෙන අශෝභනකාරී තත්වයට සමාවෙන්න මම නවකයෙක් එතුමා ඉස්සෙල්ලාම පාර්ලිමේන්තුවට එද්දි මම මොන්ටිසොරියේ හැබැයි මේක කියන්න සිද්ධවීම ගැන එතුමත් වගකියන්න ඔන මේ පාර්ලිමේන්තුවේ හිතුනු හිතුනු වෙලාවට ඉල්ලන ඉල්ලන වෙලාවට මයික් එක දීපු එක වරදක් කියලා අපි විශ්වාස කරනවා ඒ මතයේ ආණ්ඩු පක්ෂයේ බහුතරයක් ඉන්නවා අපි මේ සම්බන්ධයෙන් කතානායක තුමාට කරුණු කියලා තියෙනවා පසුපෙල මන්ත්‍රී වරු වශයෙන් කටයුතු කරද්දි ඒ කෙසේ වෙතත් අද මේ විශ්වාසභංග යෝජනාව මම හිතන්නේ පුස් වෙඩිල්ලක් මේකේ අපිට ගන්න දෙයක් ඉතුරු වෙයි කියලා මම හිතන්නෙ නැහැ.”

මේ අතර තවදුරටත් පාර්ලිමේන්තු කටයුතුවලදී අපක්ෂපාතීව ස්වාධිනව විපක්ෂයට වගේම ආණ්ඩු පක්ෂයටද වෙලාව ලබා දෙන්න ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...