නීතිවිරෝධී ලන්ච් ෂීට් කිලෝග්‍රෑම් 5,377ක් විනාශ කෙරේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 21, කොළඹ (LNW): මධ්‍යම පරිසර අධිකාරියේ අධීක්ෂණය යටතේ සිය භාරයට ගත් නීතිවිරෝධී ලන්ච් ෂීට් කිලෝග්‍රෑම් 5,377ක් විනාශ කර තිබෙන බව වාර්තා වේ,

මධ්‍යම පරිසර අධිකාරිය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ ඒකාබද්ධව සිදුකළ වැටලීම්වලින් මෙම ලන්ච් ෂීට් සොයාගෙන තිබූ අතර, පුත්තලමේ පෞද්ගලික සමාගමක දී එම ලන්ච් ෂීට් තොගය විනාශ කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කළේය.

නීතිවිරෝධී පොලිතීන් ලන්ච් ෂීට් සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය පැවරූ නඩු දොළහකට අයත්, නඩුභාණ්ඩ ලෙස ගබඩාකර තිබූ නීතිවිරෝධී පොලිතීන් ලන්ච් ෂීට් මෙලෙස විනශ කිරීමට කටයුතු කෙරුණු අතර, බස්නාහිර පළාත සහ කුරුණෑගල දිස්ත්‍රික්කයට අදාළව සිදුකළ මෙම නඩු පැවරීම් කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය, කොළොන්නාව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය, කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය, ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය සහ කුරුණෑග, මහෙස්ත්‍රාත් අධිකරණය යන මහෙස්ත්‍රාත් අධිකරණවලදී විභාග කර ඇති බව සඳහන් වේ.

මධ්‍යම පරිසර අධිකාරිය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ, පරිසර සංරක්ෂණය උදෙසා පනවා ඇති නීති රෙගුලාසි නිසි ලෙස පිළිපදිමින් පරිසරය සුරැකීම සියලුදෙනාගේ වගකීමක් කොට සළකා පරිසර සුරක්ෂිතාව ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...