වැසි තත්වයේ වර්ධනයක්. ඇතැම් ප්‍රදේශවලට මි.මි. 100 ට වැඩි තද වැසි !

Date:

අද (23) දිනයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු-මැද සහ උතුරු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි. මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැක.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අශ්වයාගේ වසර පිළිගන්න චීනය සූදානමින්!

කොළඹ LNW: චීනය අනන්‍ය මෙන්ම විශේෂ සංස්කෘතික වටපිටාවකින් සැදුම්...

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මරදාන පොලිස් වසමේදී...

බදුල්ලේ නාය යෑමේ අවධානමක් – පවුල් 238ක් ඉවත් කරයි

කොළඹ LNW:නායයෑම් අවදානම හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් පවුල් 238කට...

ක්‍රීඩාවෙන් ගං වතුර බැස යයි – පස් කඳු ඉවත් වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: ව්‍යසනකාරී තත්ත්වයෙන් පසුව නැවත...