කෙහෙළිය වෙනුවෙන් පෙනී ඉන්නේ නෑ – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි !

0
752

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ ඉන්දීය සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වගඋත්තරකරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

එම පෙත්සම් ඊයේ (22) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මේ බව දැනුම් දී ඇත.

ඉන් අනතුරුව පෙත්සම් සලකා බැලීම කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

RN