ලෝක ප්‍රසිද්ධ McDonald’s හි ශ්‍රී ලංකාවේ සියලුම ශාඛා තාවකාලිකව වසා දැමේ!

සටහන – නිපුනි ලියනගේ

මාර්තු 24,
කොළඹ (LNW):ලෝක ප්‍රසිද්ධ ආහාර සන්නාමයක් වන McDonald’s හි ශ්‍රී ලංකාවේ පවතින සියලුම ශාඛා තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ.

McDonald’s විසින් Abans සිය දේශීය සහකරු ලෙස පැවති අතර ඔවුන් විසින් දැන් Abans සිය දේශීය සහකරු ලෙස ඉවත් කර ඇති බව සඳහන්.

මේ අනුව ශ්‍රී ලංකාවේ සියලුම McDonald’s ශාඛා නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට කටයුතු කර තිබේ.

මෙයට හේතුව Abans විසින් ශ්‍රී ලංකාවේ McDonald’s ආපනශාලා ජාලය දුර්වල තත්ත්ව ප්‍රමිතියක් යටතේ පවත්වාගෙන යාම බව පැවසේ.