ඉංග්‍රීසි මාධ්‍ය ගුරු හිඟයට පිළියම් සොයයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 25, කොළඹ (LNW):ඉදිරි තුන් වසරක කාලයක් සඳහා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු හිඟයට පිළියමක් වශයෙන් විශ්‍රාමික ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව සඳහන් වේ.

හය ශ්‍රේණියේ සිට එකොළොස් වැනි ශ්‍රේණිය දක්වා පන්ති සඳහා මෙම ගුරුවරුන් බඳවා ගැනීමට නියමිත බව වාර්තා වේ.

මේ වන විට එම අවශ්‍යතාව කෙසේද යන්න සම්බන්ධයෙන් අමාත්‍යාංශය සියලුම පළාත්වලින් තොරතුරු කැඳවා ඇති අතර, ජාතික පාසල්වල තොරතුරු ද රැස් කෙරෙමින් පවතින බව පැවසේ.

එම තොරතුරු ලද පසු බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතියට ඉදිරිපත් කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

චක්‍රලේඛ ප්‍රකාරව මෙම ගුරුවරුන් විශ්‍රාම ලබන අවස්ථාවේ ලබමින් සිටි වැටුපට අමතරව ජීවන වියදම් දීමනාව ද ලබා දිය යුතු බවත් පැවසූ ඇමැතිවරයා ලබන මැයි මස සාමාන්‍ය පෙළ විභාගයට පෙර එම ගුරුවරුන් බඳවා ගැනීම සිය අපේක්ෂාව බවද අමාත්‍යවරයා කියා සිටී.

මේ අතර දැනට පවතින උග්‍ර ගුරු හිඟයට පිළියමක් වශයෙන් බස්නාහිර පළාතට බඳවා ගන්නා උපාධිධාරී ගුරුවරුන් සංඛ්‍යාව පන්දහසක් දක්වා වැඩි කිරීමට ද පියවර ගෙන ඇති බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් දැඩි සත්කාර ඒකකයට !

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

සියල්ලටම ප්‍රධාන වන්නේ ඔබගේ සිතුවිල්ලයි:සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාර

ඔබට අවශ්‍යයවන්නේ මිනිසෙකුට අකමැතිවීමට පළමුව ඒ සදහා අවශ්‍යවන සිතුවිල්ලයි....

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි!

රෂිකා හෙන්නායක අගෝස්තු 23 කොළඹ LNW: හිටපු මහ බැංකු අධිපති...

රනිල් බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරුකරයි !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...