වෙළද සේවා මේස පන්දුවේ පලබර ලකුණක් ලෙස නිර්මලව ඇගයේ

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 25, කොළඹ (LNW): හිටපු මේ පන්දු ජාතික සූරයෙක් මෙන්ම හිටපු ශ්‍රී ලංකා මේස පන්දු කණ්ඩායමට නායකත්වය දුන් ක්‍රීඩකයෙක් ද වන නිර්මාල ජයසිංහව මෙවර වෙළද සේවා මේස පන්දු වර්ණ රාත්‍රියේදී ඉහළම ඇගයීමට ලක් වුණා.මේස පන්දුව වර්ණවත් කළ නිර්මලගේ ක්‍රීඩා ජීවිතයේ මේ විශේෂ ඇගයීමේ සම්මානනීය මොහොතට වැඩි වටිනාකමක් එක් කරමින්,එය පිළිගැන්වීම සඳහා හිටපු ජාතික මේස පන්දු සූරයෙක්,හිටපු ශ්‍රී ලංකා මේස පන්දු පුහුණුකරුවෙක් මෙන්ම මේස පන්දු සංගමයේ සභාපතිවරයෙක් ද වූ ලලිත් ප්‍රියන්ත කැඳවා තිබුණා.
වෙළද සේවා මේස පන්දු සභාපති චානක පොරේරාගේ නායකත්වය යටතේ සංවිධානය වී තිබූ මේ වර්ණ රාත්‍රියේදී වෙළද සේවා කේෂ්ත්‍රයේ 2023 වර්ෂය සඳහා දක්ෂතා දැක් වූ මේස පන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වර්ණ ප්‍රදානය කළා. එහිදී මාස් සමූහ ව්‍යාපාරයට සම්බන්ධව සේවය කරන, ජාතික සහ ජාත්‍යන්තර තලයේ දක්ෂතා දක්වා ඇති නිර්මල ජයසිංහ එම වර්ණ රාත්‍රියේ වටිනාම පුද්ගලයා බවට පත් කරන්නට ඔහුගේ ක්‍රීඩා ජීවිතය මෙන්ම ක්‍රීඩාව ආශ්‍රිත දායකත්වය ද සැළකිල්ලට ගෙන තිබුණා.
වෙළද කේෂ්ත්‍රය තුළ මෙන්ම ඉන් පිටතදීත් මේස පන්දු ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කරන ලද සේවය අගය කරමින් නිර්මල ජයසිංහ මේ ආකාරයට ඇගයීමට ලක් කිරීම මේස පන්දු ක්‍රීඩාව වෙළඳ සේවාවන් තුළ මෙන්ම ඉන් පිටතදීත් ආකර්ශණීය ක්‍රීඩාවක් බවට පත්වීමට මෙන්ම ඒ තුළ යහපත් ක්‍රියාකාරිකයෙකුවීමට කරන පෙළඹවීමක් ලෙස ද ගත හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

අපවත්වී වදාළ අතිපුජ්‍ය කොට්ටාවේ පේමරතන නාහිමිපාණෝ

කොළඹ (LNW): පන්නිපිටිය මොරකෑටිය පරම ධම්ම විහාරය දෙපානම දෙවධාර...