ඔබත් යන්නම යාවිද..

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 25, කොළඹ (LNW): ගෙවුණු දශක හතරක් තුළ කරන ලද නිරීක්ෂණවලදී ගේ කුරුල්ලා මෙරට දිස්ත්‍රික්ක 18 කින් වඳ වී ගොස් ඇතැයි පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මහතා කියා සිටී.

කොළඹ විශ්ව විද්‍යාලීය විද්‍යා පීඨයේ පැවැති ලෝක චටක දිනය (ගේ කුරුල්ලා සැමරීමේ දිනය) නිමිත්තෙන්වැඩසටහනකදී මෙම තොරතුරු හෙළිදරව් කෙරිණ. මෙම වැඩසටහන ශ්‍රී ලංකා පක්ෂි විද්‍යා සංගමය විසින් සංවිධානය කර තිබුණි.

මාර්තු මස 20 වැනිදා ලෝක ගේ කුරුළු දිනය ලෙස සෑම වසරකම නම් කර ඇත. ගේ කුරුල්ලා ආරක්ෂිත පක්ෂියකු ලෙස නම් කිරීම සඳහා ඉකුත් 2007 වසරේදී පරිසර අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බවත්, ඒ අනුව වර්තමානයේදී ගේ කුරුල්ලා ආරක්ෂිත පක්ෂියකු ලෙස සැලකෙන බවත් පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන වැඩිදුරටත් කියා සිටියේය.

තවද, පාරිසරික නීතිඥරයා පැවසූවේ, ගේ කුරුල්ලාගේ වඳ වීයාම ආරම්භ වූයේ මැලේරියා මර්දනය සඳහා මැලතියොන් නමැති රසායනික ද්‍රව්‍ය ඉසීමේ කටයුතු ආරම්භ වීමත් සමග බවත්, 1990 දශකයේදී විශාල ලෙස මදුරු දඟර භාවිතය ඉහළ යාමත් සමග ගේ කුරුල්ලා ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වලින් වඳ වී ගිය බවත්, මෙම මදුරු දඟරවල තිබෙන රසායනික පක්ෂීන්ගේ බිත්තර නිපදවීම කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කළ බවයි.

මේ වනවිට ගේ කුරුල්ලා ඉතා දුලභ තත්ත්වයට පත්ව සිටින පක්ෂියකු බවත්, ගේ කුරුල්ලාගේ වඳ වී යාම මුලින්ම ලංකාවෙන් වාර්තා වූ පසුව ඉන්දියාවෙන් ද එලෙස වඳවී යාම සිදු වූ බව , ගේ කුරුල්ලන් සම්බන්ධව අධ්‍යයනයක් කරන ලද ශ්‍රී ලංකා තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ සාමාජිකා නිසලි දයානන්ද කියා සිටියාය.

අලුතින් ඉදිකරන ලද ගොඩනැගිලිවල ගේ කුරුල්ලන්ට ජීවත්වීමට සුදුසු පරිසර තත්වයක් නොමැතිවීම ද ගේ කුරුලු ගහණය අඩුවීමට දැඩි බලපෑමක් එල්ල කර තිබෙන බවත්, රසායනික පොහොර, පළිබෝධ නාශක ආදියද ගේ කුරුල්ලන් වඳවී යාමට බලපා ඇතැයිද නිසලි දයානන්ද පෙන්වා වෙනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...